යටියන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් දැඩි ලෙස අබලන් වී ඇති ගරාගොඩ හා බෙරන්නාව පාලම් ඇතුළු අබලන්ව පවතින පාලම් රැසක් සඳහා ක්‍රියාත්මක ඉදිරි සැලසුම් පිළිබඳ විමසා බැලීමේ හමුවක් අද (30) පස්වරුවේ දී දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවනාගාරයේ දී දිසාපති/ දිස්ත්‍රික් ලේකම් මහින්ද එස්. වීරසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පැවතිණි .
එහිදී එම පාලම් අලුත්වැඩියා කිරීම් කඩිනම් කිරීම සඳහා මහාමාර්ග අමාත්‍යාංශය තවදුරටත් දැනුවත් කිරිමට කටයුතු කරන බව ප්‍රකාශ විය .
උක්ත සාකච්ඡාවට ලක්වූ පාලම් හැකි විගසින් ප්‍රතිසංස්කරණය කොට ප්‍රදේශයේ අපහසුතාවයට පත්ව ඇති ජනතාවට සහන සැලසීම තුළින් ඔවුන්ගේ ජීවන තත්ත්වය උසස් මට්ටමකට ගෙන ඒමට කටයුතු කිරීමට අපේක්ෂිතයි .
මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රිනී රාජිකා වික්‍රමසිංහ මහත්මිය නියෝජනය කරමින් හිටපු පළාත් සභා අමාත්‍ය ශ්‍රී ලාල් වික්‍රමසිංහ මහතා ඇතුළු යටියන්තොට ප්‍රාදේශීය දේශපාලන අධිකාරිය, අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම් හා සංවර්ධන) දිනිශා එස්. රත්නායක මහත්මිය ,මාණ්ඩලික නිලධාරීන්,යටියන්තොට, බුලත්කොහුපිටිය කොට්ඨාශයන්හි ප්‍රාදේශීය ලේකම්වරියන්, රාජ්‍යය නිලධාරීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.















