පසුගිය නොවැම්බර් 15 වැනි දින අයහපත් කාලගුණයෙන් නායයෑමට ලක්වූ කොළඹ - නුවර මාර්ගයේ පහල කඩුගන්නාවේ ස්ථානයෙන් නාය යාමට අදාලව දිසාපති/ දිස්ත්‍රික් ලේකම් මහින්ද එස්. වීරසූරිය මහතාගේ උපදෙස් පරිදි ඊට අදාළ නාය යාම අවම කිරීමේ ප්‍රගති සමාලෝචන හමුවක් එම ක්ෂේත්රයේ දී ඊයේ (07)වන දින පැවැත්විණි.
ඒකාබද්ධ මාර්_ග ආයෝජන වැඩසටහනක් ලෙස ක්‍රියාත්මක මෙම පහල කඩුගන්නාව ස්ථානය මාර්_ගය වැඩිදියුණු කිරීම හා නඩත්තු කිරීම ජාතික ගොඩනැගිලි පර්_යේෂණ සංවිධානය, මාර්_ග සංවර්_ධන අධිකාරිය ,මාවනැල්ල ප්‍රාදේශීය ලේකම් කාර්_යාලය, දිස්ත්‍රික් ලේකම් කාර්_යාලය , නාගරික සංවර්_ධන අධිකාරිය යන ආයතන වල මූලිකත්වයෙන් ක්‍රියාවට නැංවෙන අතර නැරඹුම් මැදිරි, වාහන රථගාල් හා හානියට පත් වෙළඳසල් නැවත ස්ථාපිත කිරීම ඇතුළු පොදු පහසුකම් සංවර්ධනය කිරීමට ඉදිරියේදී නියමිත අතර ඊට අදාළ වත්මන් ප්‍රගතිය අදාළ ආයතන නිලධාරීන් එක්ව මෙම හමුවේදී සාකච්ඡාවට ලක්විය.
නායයාමට ලක් වූ ප්‍රදේශ නැවත ස්ථායිකරණය කිරීමේ කටයුතු සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ සැලසුම් පිළිබඳ තොරතුරු විමසා බැලීම ද සිදුවුණු අතර MAGA ඉංජිනේරු ආයතනය විසින් ඉදි කිරීම් කටයුතු නිම කිරීමට නියමිතයි .
මෙම අවස්ථාවට අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම් හා සංවර්ධන) දිනීෂා එස්. රත්නායක , කෑගල්ල දිස්ත්‍රික් ඉංජිනේරු සාරනාත් විමලචන්ද්‍ර මාවනැල්ල ප්‍රාදේශීය ලේකම් විජානි රත්නසේකර යන මහත්ම මහත්මීන්, පළාත් පාලන සහකාර කොමසාරිස්,මාවනැල්ල ප්‍රාදේශීය සභාව, ජාතික ජල සම්පත් මණ්ඩලය ඇතුළු ඒ ඒ ආයතනයන්ට අදාල නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.





















