2021වසරේ සරසවි වරම් ලැබූ කෑගල්ල දිස්ත්‍රික්කයේ විශිෂ්ටම සාමාර්_ථ ලබා ගත් කෑගලු ශාන්ත ජෝශප් බාලිකා විද්‍යාලයේ සිසුවියන් සහ එම ගුරුවරුන් ඇගයීමේ අවස්ථාවක් අද (16) පෙරවරුවේ දිසාපති/ දිස්ත්‍රික් ලේකම් මහින්ද එස්. වීරසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් එම විද්‍යාලීය ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
එම අවස්ථාව ඇමතූ දිසාපතිතුමාන් සඳහන් කළේ අධ්‍යාපනය යනු ජීවිතය වෙනස් කරන කඩඉමක් බවයි. අධිෂ්ඨානය හා කැපවීම තුළින් අරමුණු සහ ඉලක්ක ළඟා කර ගැනීමට අධ්‍යාපනය ඉවහල් වන බවයි .අද දින මෙම විභාගයෙන් උසස් ප්‍රතිඵල ලබා ගත් සිසුවියන්ට සුබ ප්‍රාර්_ථනා එක් කරමින් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ මෙම ජයග්‍රහණය ලබා ගැනීම සදහා විද්‍යාලයේ විදුහල්පතිතුමිය ඇතුළු ආචාර්ය මණ්ඩලය හා දෙමව්පියන් කැප වූ බවත් ඔවුන්ගේ කැප වීමට වටිනාකම එකතු කළ සිසුවියන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටිනා බවත්ය .
මෙවර ශාන්ත ජෝසප් බාලිකා විද්‍යාලයේ අ.පො.ස උසස් පෙළ සඳහා සිසුවියන් 797 දෙනකු ඉදිරිපත් වූ අතර ඉන් 647 සරසවි ප්‍රවේශය සඳහා සුදුසුකම් ලැබූ අතර ඉන් දිස්ත්‍රික් කුසලතා ලබාගත් සිසුවියන් 128 දෙනෙකු අගය කිරිම අද දින සිදුවිය . මෙම ජයග්‍රහණ සඳහා කැප වූ ආචාර්ය මණ්ඩලය අගය කිරීමද මෙම අවස්ථාවට සමගාමීව සිදු කෙරිණි.
කෑගල්ල ප්‍රාදේශීය ලේකම් කේ.ජී.එස්. නිශාන්ත, විද්‍යාලයීය විදුහල්පතිනි බී.ආර්. මල්ලිකා රණසිංහ, කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් ,ආසන්න විද්‍යාලයන්හි විදුහල්පතිවරුන් , ලංකා බැංකුවේ සහ මහජන බැංකුවේ කළමනාකාර වරුන් ,ගුරුභවතුන්,ආදි සිසුවියන් , ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටිය හ.
























