නිරන්තරයන් ආපදා වලට ලක් වන දිස්ත්‍රික්කයක් ලෙස කෑගල්ලේ මාධ්‍යවේදීන්ට ආපදා කළමනාකරණ ක්ෂේත්රය තුළ දිස්ත්‍රික්කයේ ජනතාවට නිවැරදි තොරතුරු ලබා දීමේ සුවිශේෂී රාජකාරියක් පැවරී ඇතැයි කෑගල්ල දිසාපති/දිස්ත්‍රික් ලේකම් මහින්ද එස්. වීරසූරිය මහතා සඳහන් කළේය.
ඒ මහතා මේ බව සඳහන් කළේ ආපදා කළමනාකරණ යාන්ත්‍රණය කාර්_යක්ෂම කිරීම සඳහා කෑගල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය මාධ්‍යවේදීන් දැනුවත් කිරීම සඳහා කෑගල්ල ස්ලීක් කැමීලියා හෝටලයේ සිකුරාදා (23) පැවති එක් දින වැඩමුළුවක් අමතමිනි.
විශේෂයෙන්ම දිස්ත්‍රික්කය ආපදාවට ලක්වී ජන ජීවිතය අඩාල වූ සෑම අවස්ථාවකම ජන ජීවිතය යථා තතත්වයට පත් කිරීම සඳහා දිස්ත්‍රික්යේ මාධ්‍යවේදීන් සෑම විටම සිය සහයෝගය පළ කළ බව ද දිසාපති මහින්ද එස්. වීරසූරිය මහතා වැඩිදුරටත් සඳහන් කළේය. ග්‍රාමීය ආපදා කළමනාකරණය සඳහා මාධ්‍ය දායකත්වය සම්බන්ධයෙන් දිසාපති මහින්ද එස්. වීරසූරිය මහතා මෙහි දී අදහස් දැක්වීය.
මෙහි දී ශ්‍රී ලංකාවේ ආපදා කළමනාකරණ යාන්ත්‍රණය පැහැදිලි කිරීම, දිස්ත්‍රික්කයේ ආපදා පැතිකඩ, නාය යෑම් අවම කර ගැනීම සඳහා ප්‍රජා දායකත්වය, ආපදාවකදී සහන සැලසීමේ යාන්ත්‍රණය හා ආපදා කළමණාකරණයේ දී මාධ්‍යයයේ කාර්_යභාරය වැනි විෂය ක්ෂේත්රයන් රැසක් පිළිබඳ දේශන මඟින් දැනුම හා අවබෝධය ලබා දීම සිදු කෙරිණි.
කෑගල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය විසින් සංවිධානය කොට දිස්ත්‍රික් මාධ්‍ය ඒකකයේ සම්බන්ධීකරණය යටතේ සිදු කළ මෙම එක් දින වැඩමුළුවේ මූල්‍යම දායකත්වය සපයනු ලැබුවේ වර්_ල්ඩ් විෂන් ආයතනය විසිනි.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්යක්ෂ සුගත් දිසානායක, දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සහකාර අධ්යක්ෂ අනුෂ්ක චමිල, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ භූ විද්‍යාඥ ප්‍රියන්ත බණ්ඩාර, ආපදා සහන සේවා නිලධාරී රංජිත් අමරසේන, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ මාධ්‍ය නිලධාරී ජනක හඳුන්පතිරාජ යන මහත්වරුන් දේශන පැවැත් වූ අතර මේ අවස්ථාව සඳහා රාජ්‍ය නිලධාරීන් සහ කෑගල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය මාධ්‍යවේදීන් රැසක් සහභාගී වූහ.
























