අර්_බුදකාරී වාතාවරණයක් හමුවේ වුවද දිස්ත්‍රික්කයේ ජන ජීවිතය අඩාල නොවන පරිදි සංවර්_ධන කටයුතු පවත්වාගෙන යාමට කටයුතු කරන බව කෑගල්ල දිසාපති/දිස්ත්‍රික් ලේකම් මහින්ද එස්. වීරසූරිය මහතා සඳහන් කළේය. ඒ මහතා මේ බව සඳහන් කළේ අද (26) දිස්ත්‍රික් ලේකම් කාර්_යාලයේ පැවති දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවට සහභාගී වෙමිනි.
කෑගල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව එහි නව සභාපතිනි පාර්_ලිමේන්තු මන්ත්‍රී රාජිකා වික්‍රමසිංහ මහත්මියගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ දී ආරම්භ කළ අතර ක්ෂේත්‍ර කිහිපයක් ඔස්සේ දිස්ත්‍රික් සංවර්_ධන කමිටුවේ අවධානය යොමු විය.
ඒ අනුව ආහාර සුරක්ෂිතතාව සහ පෝෂණය සහතික කිරීම සඳහා දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක වැඩසටහන්, සීමානීර්ණ යෝජනා සභාගත කිරීම, දිස්ත්‍රික්කයේ සංවර්_ධන ව්‍යාපෘතිවල ප්‍රගතිය සාකච්ඡා කිරීම, සෞඛ්‍ය හා අධ්‍යාපන අංශවල දිස්ත්‍රික් ප්‍රගතිය හා ගැටළු, දිස්ත්‍රික්කයේ ආරක්ෂක තතත්වය, මාර්_ග සංවර්_ධනය හා සබරගමු පළාත් සභාවේ අනෙකුත් සංවර්_ධන කටයුතු ආදී ක්ෂේත්‍ර රැසක් සම්බන්ධයෙන් මෙහි දී අවධානය යොමු කෙරිණි.
කොවිඩ් මර්_ධන අරමුදල යටතේ වැඩිදියුණු කොට දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක කළ කොවිඩ් මධ්‍යස්ථාන ඉදිරියේ දී දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය අවශ්‍යතා අනුව රෝහල් පද්ධතියට එකතු කර ගන්නා බවද මෙහි දී අනාවරණය විය.
එමෙන්ම පාසල් දරුවන්ගේ අධ්‍යාපන හා ප්‍රවාහන ගැටළු සම්බන්ධව සහ පාසල් දරුවන් මත්ද්‍රව්‍ය උවදුරින් බේරා ගැනීම සඳහා කඩිනම් පියවර ගැනීම කෙරේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ විශේෂ අවධානය යොමු විය.
මෙම අවස්ථාව සඳහා තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත්, විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය, පාර්ලිමේන්තු මන්ත්‍රී උදයකාන්ත ගුණතිලක යන මහත්වරුන් සහ ප්‍රාදේශීය සභා සභාපතිවරුන් ඇතුළු දිස්ත්‍රික් දේශපාලන අධිකාරිය, සබරගමු පළාත් ප්‍රධාන ලේකම් සුනිල් ජයලත්, පළාත් ප්‍රධාන අමාත්‍යංශයේ ලේකම් ප්‍රභාත් උදාකර, කෑගල්ල අතිරේක දිස්ත්‍රික් ලේකම් (පාලන) චරිතා ඉලංගකෝන්, අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම් හා සංවර්ධන) දිනීෂා එස්. රත්නායක, දිස්ත්‍රික් සැලසුම් අධ්යක්ෂ ඒ.ඒ වීරකෝන් යන මහත්ම මහත්මීන් ඇතුළු ප්‍රාදේශීය ලේකම්වරුන්, දිස්ත්‍රික්යේ රාජ්‍ය ආයතන ප්‍රධානීන්, අධ්‍යාපන සෞඛ්‍ය හා ආරක්ෂක අංශ නියෝජනය කළ නිලධාරීන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් රැසක් සහභාගී වූහ.





















