විගමණික ශ්‍රමිකයින්ගේ පවුල්වල දරුවන්ට අධ්‍යාපන උපකරණ බෙදා දීමේ දීපව්‍යාප්ත වැඩසටහනට සමගාමීව කෑගල්ල දිස්ත්‍රික්කයේ සමාරම්භක වැඩසටහන කෑගල්ල අතිරේක දිස්ත්‍රික් ලේකම් චරිතා ඉලංගකෝන් මහත්මියගේ ප්‍රධානත්වයෙන් අද (27) පස්වරුවේ කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්_යාලයේ දී පැවැත්විණි.


මෙහි දී විගමණික පවුල්වල දූදරුවන් කිහිපදෙනෙකුට සංකේතාත්මකව පාසල් උපකරණ බෙදා දුන් අතර මෙම වැඩසටහන කෑගල්ල දිස්ත්‍රික්කයේ සියළුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයන්හී ක්‍රියාත්මක කිරීමට නියමිත ය.


මේ අවස්ථාව සඳහා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ සමාජ සුබසාධන අංශයේ පළාත් කළමනාකරු මහේෂ් හේවාවිතාරණ , විදේශ සේවා නියුක්ති කාර්_යංශයේ කෑගල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ නිලධාරී හරේන්ද්‍ර උඩුමුල්ල යන මහත්වරුන් ඇතුළු කෑගල්ල, ගලිගමුව හා වරකාපොළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයන්හි විදේශ කටයුතු අමාත්‍යංශයට අනුයුක්ත සංවර්ධන නිලධාරීන් සහ විගමණික ශ්‍රමිකයින්ගේ පවුල් වල දූ දරුවන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.