සිංගප්පූරූවේ මහා කරුණා බෞද්ධ සමාජය මඟින් කෑගල්ල දිස්ත්‍රික්කයේ අඩුපහසුකම් සහිත පිරිවෙන් සඳහා භාණ්ඩ හා අධ්‍යන උපකරණ පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් සබරගමුව පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතාගේ ප්‍රධානත්වයෙන් සහ කෑගල්ල දිසාපති/දිස්ත්‍රික් ලේකම් මහින්ද එස්. වීරසූරිය මහතාගේ සහභාගීත්වයෙන් ඊයේ (05) කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්_යාලයේ දී පැවැත්විණි.
ඒ අනුව ආපදා කළමනාකරණ අමාත්‍යංශයේ මැදිහත්වීම මත කෑගල්ල දිස්ත්‍රික්කයේ තෝරා ගත් අඩු පහසුකම් සහිත පිරිවෙන් විහාරස්ථාන එකොළහක් සඳහා මෙම ද්‍රව්‍යාධාර පරිත්‍යාග කිරීම සිදු කෙරිණි.
සිංගප්පූරූවේ මහා කරුණා බෞද්ධ සමාජය මඟින් ශ්‍රී ලංකාවේ අඩු පහසුකම් සහිත පිරිවෙන් විහාරස්ථානවල භික්ෂූන් හා සාමණේර හිමිවරුන් වෙනුවෙන් රුපියල් බිලියන දෙකක භාණ්ඩ හා අධ්‍යාපන කටයුතු සඳහා අවශ්‍ය ද්‍රව්‍ය පරිත්‍යාග කළ බව සිංගප්පූරූ මහා කරුණා බෞද්ධ සමාජයේ අනුශාසක ආචාර්_ය කරඳන ගුණරත්න ස්වාමීන් වහන්සේ මෙහි දී සඳහන් කළහ.
මේ අවස්ථාව සඳහා පහත බුලත්ගම කෝරළ තුන ඇතුළු සතර කෝරළ මහ දිසාවේ ප්‍රධාන සංඝනායක විශ්‍රාමලත් නියෝජ්‍ය අධ්‍යාපන අධ්යක්ෂ, කෑගල්ල දිස්ත්‍රික් ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ගරු සභාපති, සිරි මහින්දෝදය පිරිවෙන් විහාරාධිපති පූජ්‍ය හෙම්මාතගම සිද්ධාර්_ථ නායක ස්වාමීන් වහන්සේ, සතර කෝරළ මහ දිසාවේ උප ප්‍රධාන සංඝනායක, විශ්‍රාමලත් විදුහල්පති, පින්නවල ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ගරු ලේඛකාධිකාරී ශ්‍රී සුදර්_ශනාරාම විහාරස්ථානයේ ගරු විහාරාධිපති, පූජ්‍ය දුනුකේවත්තේ සීලවිමල නායක ස්වාමීන් වහන්සේ ඇතුළු ද්‍රව්‍යාධාර හිමි පිරිවෙන් වල නායක ස්වාමීන්වහන්සේලා , කෑගල්ල අතිරේක දිස්ත්‍රික් ලේකම් (පාලන) චරිතා ඉලංගකෝන් , අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම් හා සංවර්ධන) දිනීෂා එස්. රත්නායක, ආපදා කළමණාකරන මධ්‍යස්ථානයේ අධ්යක්ෂ මහේන්ද්‍ර ජගත් යන මහත්ම මහත්මීන් සහ සිංගප්පූ මහා කරුණා බෞද්ධ සමාජයේ ලේකම් ඛේමා ක්නෙක් මහත්මීන් ඇතුළු දායිකාවන් පිරිස සහ බෞද්ධ කටයුතු සමායෝජක නිලධාරීන් ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.



















