ලෝක මානසික සෞඛ්‍ය දිනය හා ජාතික උපදේශන දිනයට සමගාමීව ආතති කලමනාකරණ හා මානසික සෞඛ්‍යය සම්බන්ධව කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩමුළුවක් මානසික රෝග විශේෂඥ වෛද්‍ය නිපුණ රණවීර මහතාගේ සම්පත්දායකත්වයෙන් අද (12) පෙරවරුවේ දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේ දී පැවැත් විණි.
මෙහිදී මානසික රෝග , ආතති කළමනාකරණය සහ මානසික සෞඛ්‍ය රැක ගැනීම පිළිබඳ නිලධාරීන් දැනුවත් කිරීම සිදු කළ අතර ප්‍රායෝගික ක්‍රියාකාරම් ආශ්‍රිතව පැහැදිලි කිරීම් සිදු කෙරිණි.
මෙම දැනුවත් කිරීමේ වැඩසටහන දිස්ත්‍රික් උපදේශන අංශය විසින් සංවිධානය කෙරිණි.
මේ අවස්ථාව සඳහා කෑගල්ල අතිරේක දිස්ත්‍රික් ලේකම් (පාලන) චරිතා ඉංගකෝන්, අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම් හා සංවර්ධන) දිනීෂා එස් රත්නායක, සහකාර දිස්ත්‍රික් ලේකම් මල්ෂා එල් ප්‍රියදර්ශණී, ප්‍රධාන ගණකාධිකාරී චාන්දනී නිල්මල්ගොඩ, යන මහත්මීන් ඇතුළු දිස්ත්‍රික් උපදේශන නිලධාරීන් සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නිලධාරීන් රැසක් මේ අවස්ථාව සඳහා සහභාගී වූහ.























