කෑගල්ල දිස්ත්රික් ලේකම්/දිසාපති මහින්ද එස් වීරසූරිය මහතාගේ උපදෙස් හා මඟපෙන්වීම යටතේ සහ රාජ්ය භාෂා දෙපාර්තමේන්තුවේ සම්බන්ධීකරණයෙන් රාජ්ය භාෂා ප්රවීණතා දෙමළ භාෂා පාඨමාලාවක් දෙහිඕවිට ප්රාදේශීය ලේකම් කාර්යාලයේ දී පසුගියදා ආරම්භ කෙරිණි.
දෙහිඕවිට ප්රාදේශීය ලේකම්වරයාගේ අධීක්ෂණය යටතේ පවත්වන මෙම පාඨමාලාව සඳහා රුවන්වැල්ල, දැරණියගල, දෙහිඕවිට, බුලත්කොහුපිටිය ප්රාදේශීය ලේකම් කාර්යාල වල පුහුණු නිලධාරීන් 134 ක් සහභාගී වෙති.
පැය 150 ක් ආවරණය කෙරෙන මෙම පාඨමාලාව කෑගල්ල දිස්ත්රික් ලේකම් කාර්යාලයේ ජාතික භාෂා අංශ නිලධාරීන් විසින් පාඨමාලාව මෙහෙයවන අතර රාජ්ය භාෂා දෙපාර්තමේන්තුවේ උපදේශකවරයෙකු විසින් සම්පත්දායකත්වය ලබා දෙයි.
















