ආහාර සුරක්ෂිතතාව සහ පෝෂණය සහතික කිරීම සඳහා ග්‍රාමීය ආර්ථික පුනර්ජීවන කේන්ද්‍ර සවිබල ගැන්වීමේ බහු - ආංශික ඒකාබද්ධ යාන්ත්‍රණය පිළිබඳ කෑගල්ල දිස්ත්‍රික් වැඩසටහනේ ප්‍රගති සමාලෝචන රැස්වීමක් දිසාපති/දිස්ත්‍රික් ලේකම් මහින්ද එස්. වීරසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් අද (26) දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.
මෙහිදී සෞඛ්‍ය, අධ්‍යාපන, සත්ව නිෂ්පාදන හා පශු සම්පත්, කෘෂිකර්ම හා ගොවිජන සේවා, සමෘද්ධි , පළාත් ආයුර්වේද, ජලජීවී ව්‍යාප්ති හා විදාතා යන අංශ වල දැනට ක්‍රියාත්මක වැඩසටහන් සහ යෝජිත වැඩසටහන් පිළිබඳ සාකච්ඡා කෙරිණි.
ඉහත ක්ෂේත්රයන්හි ප්‍රගතිය සහ ඉදිරි කටයුතු පිළිබඳ සියළු පාර්ශවයන්ගේ අදහස් හෝ යෝජනා විමසීම මෙහි දී සිදු කෙරුණ අතර දිස්ත්‍රික්කය තුළ ආහාර සුරක්ෂිතතා වැඩසටහන සාර්ථකව කර ගැනීම සඳහා මීට සම්බන්ධ සියළු පාර්ශවයන්ගේ සයයෝගය අපේක්ෂා කරන බව දිසාපති මහින්ද එස් වීරසූරිය මහතා මෙහි දී ප්‍රකාශ කළේය.
මේ අවස්ථාව සඳහා කෑගල්ල ප්‍රාදේශීය ලේකම් කේ.ජී.එස් නිශාන්ත, ගොවිජන සංවර්ධන සහකාර කොමසාරිස් කළණ ජයනන්ද යන මහත්වරුන් ඇතුළු දිස්ත්‍රික් සැලසුම් අංශයේ නියෝජ්‍ය අධ්යක්ෂවරුන්, කලාප අධ්‍යාපන අධ්යක්ෂවරුන්, සෞඛ්‍ය ක්ෂේත්රය නියෝජනය කළ නිලධාරීන් ඇතුළු ක්ෂේත්‍ර රැසක නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.

















