කෑගල්ල දිස්ත්‍රික් කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය සංවිධානය කළ ගැණුම්කරුවන්ගේ හා විකුණුම්කරුවන්ගේ හමුවක් පසුගියදා දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවනාගාරයේ දී පැවැත්විණි.
එම හමුවේ දී කෝප් සිටි ආයතනය වෙත නිෂ්පාදකයින් හඳුන්වා දීම මූලික අරමුණ වූ අතර පැමිණ සිටි ව්යවසායකයිනගේ නිෂ්පාදන සාම්පල පරීක්ෂා කිරීම ද සිදු කෙරිණි.
ව්‍යවසායකයින් හැටකට ආසන්න ප්‍රමාණයක් සහභාගී වූ මෙහි දී ඔවුනගේ නිෂ්පාදන අතුරින් බහුතරයක් ඉතා උසස් මට්ටමක පැවති අතර ඉදිරියේ දී කෝප් සිටි ජාලය හරහා එම නිෂ්පාදන අලෙවි කිරීමට පහසුකම් සලසා දිය හැකි බවට ප්‍රකාශ කෙරිණි.
එම අවස්ථාවට අතිරේක දිස්ත්‍රික් ලේකම් (පාලන) චරිතා ඉලංගකෝන් , කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයේ සහකාර අධ්යක්ෂ එල්.එච්.පී මනෝජා, සමූපකාර සංවර්ධන කොමසාරිස් එස්.එම්.එස්.කේ සමරකෝන්, ව්‍යාපාර සංවර්ධන පුහුණු නිලධාරී ආර්.අයි.එම් රාජපක්ෂ යන මහත්ම මහත්මීන්, විවිධ සේවා සමූපකාර සමිතිවල සභාපතිවරුන් , ව්‍යවසායකයින් ඇතුලු පිරිසක් එක්ව සිටිය හ.



























