රාජ්‍ය නිලධාරීන් ලෙස සියළු දෙනාගේම අවසන් අරමුණ විය යුත්තේ පොදු මහ ජනතාවට සෙත සැළසීම පමණක් බවත් සියළු වැඩසටහන් සහ ක්‍රියාමාර්ගවල අවසන් ඵලය ඒකී අරමුණ ඉටු කර ගැනීම උදෙසා සිදු කළ යුතු බවත් කෑගල්ල දිසාපති/දිස්ත්‍රික් ලේකම් මහින්ද ඒස්. වීරසූරිය මහතා සඳහන් කළේය. ඒ් මහතා මේ බව සඳහන් කළේ අද (09) පෙරවරුවේ දී පැවති දිස්ත්‍රික් සමාජ සේවා නිලධාරීන්ගේ විශේෂ රැස්වීමක් අමතමිනි.
ජාත්‍යන්තර ආබාධිත දිනය නිමිත්තෙන් සමාජ සේවා දෙපාර්තමේන්තුව, කුඩා ව්‍යාපාර අංශය, දිස්ත්‍රික් ලේකම් කාර්යාලය හා පළාත් සභාව ඒ්කාබද්ධව දෙසැම්බර් මස පැවැත්වීමට නියමිත ආබාධිත සහිත ව්‍යවසායකයින්ගේ අලෙවි ප්‍රදර්ශණය පිළිබඳව මෙම රැස්වීමේ දී සාකච්ඡා කළ අතර සහනාධාර බෙදා දීමේ රජයේ නව වැඩපිළිවෙළ යටතේ විවිධ දීමනා හා ප්‍රතිපාදන ලබා දීමේදී මතුව ඇති ප්‍රායෝගික ගැටළු හා ඒ්වාට ගත හැකි විසඳුම් සම්බන්ධයෙන්ද සාකච්ඡා කෙරිණි.
කොවිඩ් සමයේ විවිධ බාධක හා අපහසුතා මධ්‍යයේ රාජකාරී ඉටුකිරීම සම්බන්ධයෙන් දිස්ත්‍රික්කයේ සියළුම සමාජ සේවා නිලධාරීන්ට විශේෂ ස්තූතියක් පිරිනැමීමට ද දිසාපති මහින්ද එස් වීරසූරිය මහතා මෙහිදී කටයුතු කළේය.
මේ අවස්ථාව සඳහා දිස්ත්‍රික් සමෘද්ධි කොමසාරිස් කුසුම් බණ්ඩාර , සහකාර දිස්ත්‍රික් ලේකම් මල්ෂා එල් ප්‍රියදර්ශනී, කුඩා ව්‍යාපාර අංශයේ සහකාර අධ්යක්ෂ එල්.එච්.පී මනෝජා , සබරගමු පළාත් සභාවේ ජ්‍යෙෂ්ඨ සමාජ සේවා නිලධාරී එස්. ජයන්ත, දිස්ත්‍රික් සමාජ සේවා නිලධාරී සරත් රණවීර යන මහත්ම මහත්මීන් ඇතුළු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල වල සමාජ සේවා නිලධාරීන් සහ සංවර්ධන නිලධාරීන් රැසක් සහභාගී වූහ.


















