දිස්ත්‍රික් ලේකම් කාර්යාලය තුළ සේවයේ නියුතු නිලධාරීන් සේවය කරනු ලබන අංශ අතර සුහදත්වය වර්ධනය කිරීම, බෝ නොවන රෝග වලක්වා ගැනීම සඳහා නිසි කායික සෞඛ්‍ය මට්ටමක් පවත්වා ගැනීම යන අරමුණු පදනම් කරගනිමින් කාර්යාලීය අංශ අතර ක්‍රීඩා තරගාවලියෙහි සමාරම්භය අද (18) කෑගල්ල පොලිස් ක්‍රීඩාංගණයේදී වොලිබෝල් (කාන්තා /පිරිමි) තරගයෙන් ආරම්භ විය.
දිසාපති /දිස්ත්‍රික් ලේකම් මහින්ද එස් වීරසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් ඇරඹි මෙම තරඟය අද දිනයේ දී අවසන් වූයේ ක්ෂේත්‍ර අංශය නියෝජනය කළ තිස්ස කණ්ඩායම් (කාන්තා/ පිරිමි) ජයග්රහණයන් ලබා ගනිමිනි .
දිස්ත්‍රික් ක්‍රීඩා අංශය ,ඵලදායිතා අංශය හා දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය සුභසාධක සංගමය එක්ව සංවිධානය කරනු ලබන මෙම තරගාවලියේදී එළඹෙන නොවැම්බර් මස 24 වන දින එල්ලේ (පිරිමි/ කාන්තා) තරගය ද ,නෙට්බෝල් තරඟය දෙසැම්බර් 01 දින ද, ක්‍රිකට් (කන්තා/ පිරිම්) සහ මලල ක්‍රීඩා තරග දෙසැම්බර් මස 10 වෙනි දින ද පැවැත්වීමට නියමිතයි.
සමාරම්භක අවස්ථාවට අතිරේක දිස්ත්‍රික් ලේකම්(පාලන) චරිතා ඉලංගකෝන්, සහකාර දිස්ත්‍රික් ලේකම් මල්ෂා එල්. ප්‍රියදර්ශනී යන මහත්මීන්, මාණ්ඩලික නිලධාරීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.































