166565222 1445059022502323 5017101566362921316 n
 
 
 
 
රජයේ සංවර්ධන , පරිපාලන හා වත්කම් කළමණාකරන කටයුතු වලදී කත්සේරු දෙපාර්තමේන්තුව මගින් විශාල සහයෝගයක් ලැබෙන බව කෑගල්ල දිසාපති/ දිස්ත්‍රික් ලේකම් මහින්ද එස් විරසූරිය මහතා සඳහන් කළේය.
කෑගල්ල දිසාපතිවරයා මෙසේ සඳහන් කළේ අද( 31 ) පෙරවරුවේ කෑගල්ල දිස්ත්‍රික් තක්සේරු දෙපාර්තමේන්තුවේ නව කාර්යාලය විවෘත කිරිමෙන් පසුව පැවති වැඩ සටහනකට සහභාගී වෙමිණි.
කෑගල්ල දිස්ත්‍රික්කයේ ජනතාවට තක්සේරු දෙපාර්තමේන්තුව මගින් සිදු කර ගත යුතු කාර්යයන් කර ගැනීම සඳහා මෙතෙක් කල් රත්නපුර පළාත් කාර්යාලයට යෑමට සිදු වු අතර මෙම නව කාර්යාලය විවෘත කිරිමෙන් පසු එම සියළු කාර්යයන් මෙහිදි ඉටු කර ගැනීමට හැකි වන බව දිසාපතිවරයා වැඩි දුරටත් සඳහන් කළේය.
මෙම අවස්ථාවට රජයේ ප්‍රධාන තත්සේරුකරු පී. ඩී. ඩී. එස් මුතුකුමාරණ මහත්මිය ඇතුළු නියෝජ්‍ය ප්‍රධාන තක්සේරුකරු, දිස්ත්‍රික් ප්‍රධාන තක්සේරුකරු ඇතුළු දෙපාර්තමේන්තුවේ නිළධාරීන් පිරිසක් සහභාගී වී සිටියහ.