සබරගමුව පළාත් විශිෂ්ඨතම ව්‍යවසායකයා - 2019 ( රත්නපුර හා කෑගල්ල)
ජයග්‍රාහකයා ඔබ ද? අදම අයදුම් කරන්න

 

අයදුම් පත් ලබා ගත හැකි ස්ථාන


- රත්නපුර, කෑගල්ල ප්‍රා දේශීය ලේකම් කාර්යාලයන් හි NEDA නිලධාරී
- සබරගමුව වාණිජ හා කර්මාන්ත මණ්ඩලය - 045 2223662
- කෑගල්ල දිස්ත්‍රික් වාණිජ හා කර්මාන්ත මණ්ඩලය - 0718014692
- කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය - රත්නපුර හා කෑගල්ල
- ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය - රත්නපුර හා කෑගල්ල

අයදුම්පත් භාර දිය හැකි ස්ථාන

- රත්නපුර, කෑගල්ල ප්‍රා දේශීය ලේකම් කාර්යාලයන් හි NEDA නිලධාරී
- සබරගමුව වාණිජ හා කර්මාන්ත මණ්ඩලය - 045 2223662
- කෑගල්ල දිස්ත්‍රික් වාණිජ හා කර්මාන්ත මණ්ඩලය - 071 8014692

අයදුම්පත් භාර ගන්නා අවසාන දිනය - 2019 සැප්තැම්බර් 25

තොරතුරු විමසීම
වෙනුර/ගංගා 045- 2223662/045 2222056/ 071 - 8667766

සංවිධානය - ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය ( NEDA)
සබරගමුව වාණිජ හා කර්මාන්ත මණ්ඩලය

Overnight Pirith Chanting and Religious Charity Event were taken place on 13.06.2019 aiming at Poson Festival on 16th Poson Poya Day in BC 2563 with the participation of all officials of all Divisional Secretariats in Kegalle District including District secretariat, Kegalle and all other celebrities in the area.

Pirith Chanting of District Secretariat, Kegalle was held by taking the lead of Rev. Hemmathagama Siddartha Thero, Chief Monk of Sri Mahindodaya Privena with the participation of Hon. Kabeer Hasheem, Member of Parliament.

ඉඩම් රෙජිස්ට්‍රාර් කටයුතු කඩිනම් කිරීම ජාතික අවශ්‍යතාවයක් - කෑගල්ල දිස්ත්‍රික් ලේකම් චන්ද්‍රසිරි බණ්ඩාර
================================================
ගමන් බලපත්‍ර නිකුත් කිරීම අතින් ආසියාවේ රටවල් අතුරින් තෙවන ස්ථානය ශ්‍රී ලංකාවට හිමිවෙනවා. ඒත් ඉඩම් රෙජිස්ට්‍රාර් කටයුතුවලදී ලෝකයේ රටවල් 199 අතුරින් ශ්‍රී ලංකාවට හිමිව තිබෙන්නෙ 179 වැනි පහළ ස්ථානයක්. එම තත්ත්වය වෙනස් කිරීම සඳහා ඉඩම් ලියාපදිංචි කිරීමේ එක්දින සේවය මහඟු පිටුවහලක් වන බව කෑගල්ල දිස්ත්‍රික් ලේකම් චන්ද්‍රසිරි බණ්ඩාර මහතා සඳහන් පැවසීය. ඒ මහතා මේ අදහස් ප්‍රකාශ කළේ දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් කාර්යාලයේ දී පැවති ඉඩම් ලියාපදිංචි කිරීමේ එක්දින ජංගම සේවයට සහභාගී වෙමිනි.
කෑගල්ල දිස්ත්‍රික් ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාලය කාර්යක්ෂම මහජන සේවාවක් සිදුකරන කාර්යාල අතුරින් ප්‍රථම ස්ථානය වනු ඇතැයි මේ අවස්ථාවට සහභාගී වෙමින් මහාමාර්ග හා මාර්ග සංවර්ධන හා ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මහතා සඳහන් කළේය.
මෙම ජංගම සේවය ඉඩම් ලියාපදිංචි කිරීමේ කඩිනම් සේවාව සහ ජාත්‍යන්තර ප්‍රමීතීන් අනුකූලව සකසන ලද නව උප්පැන්න සහතිකයක් ලබා දීමේ ජාතික වැඩසටහනට සමගාමීව සිදුකරනු ලබන කෑගලු දිස්ත්‍රික් වැඩසටහනයි.
මෙම අවස්ථාව සඳහා රාජ්‍ය අමාත්‍ය චම්පිකා ‍ප්‍රේමදාස , කෑගල්ල දිස්ත්‍රික් එ.ජා සංවිධායක ලිලාන් අමරකෝන්, කෑගල්ල දිස්ත්‍රික් අතිරේක දිස්ත්‍රික් ලේකම් නාලිකා පියසේන, දිස්ත්‍රික් ඉඩම් රෙජිස්ට්‍රාර් හසලා සහසිරි, සහකාර දිස්ත්‍රික් ලේකම් නර්මදා එගොඩගෙදර යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.

 

71 වන ජාතික නිදහස් දින සැමරුම් ප්‍රධාන උත්සවයට සමගාමීව පැවැත්වෙන කෑගලු දිස්ත්‍රික් නිදහස් උත්සවය 2019 පෙබරවාරි 04 දින පෙ.ව. 8.30 ට කෑගල්ල දිස්ත්‍රික් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී සුජිත් සංජය පෙරේරා මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කෑගල්ල නිදහස් මාවතේ දී අභිමානවත් ලෙස සැමරීමට කටයුතු යොදා ඇත.ඒ සඳහා ඔබ සියලු දෙනාට ගෞරවයෙන් ආරාධනා කරමි.



සිය අධ්‍යාපන අවශ්‍යතා නිසි පරිදි ඉටු කර ගැනීමට නොහැකි කෑගල්ලේ අපේම දරුවන්ගේ අත අත නෑරීමේ අරමුණින් පිහිටුවන ලද දිස්ත්‍රික් ළමා අධ්‍යාපන සංවර්ධන අරමුදල සිවිමත් කරන කෑගලු දිස්ත්‍රික් "ලෙලි සතිය" අදින් ආරම්භ කෙරුණා. සෙමෙන් නමුත් අද දිනය පුරා දිස්ත්‍රික්කයේ විවිධ ස්ථාන වල පොල් ලෙලි, පොල් කටු, පත්තර, යකඩ, ප්ලාස්ටික් එකතු කෙරුණේ මේ කාර්යයට අත හිත දීමට. මේ අබලි ද්‍රව්‍ය විකුණා ලබන ආදයම දිස්ත්‍රික්කයේ ළමා අධ්‍යාපන සංවර්ධන අරමුදලට බැරකරනවා. එහි ප්‍රතිලාභ පොත් පත්, ඇඳුම් පැළඳුම්, සපත්තු , බෑග් නැති අපේම දරු පිරිසකට හිමිකරනවා.