මේ වන විට රටතුළ පවතින කෝවිඩ් -19 වෛරසයේ ව්‍යාප්තිය හේතුකොට ගෙන රටට , ජනතාවට සෙත් පැතීම සඳහා ගරු අග්‍රාමාත්‍ය , බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා උපදෙස් පරිදි විශ්ව ආශීර්වාද හෝරාවක් පැවැත්වීමට ගෙන ඇති තිරණය අනුව කෑගල්ල දිස්ත්‍රික්කයේ සියළුම විහාරස්ථානයන්හි 2021.05.08 වන දින ප. ව. 5.46 ට එළගිතෙල් පහනක් දල්වා රතන සුත්‍රය හා ජ්වර පිරිත දේශනා කිරිමට කටයුතු සංවිධානය කර තිබේ.
ඒ අනුව රඹුක්කන, කිරිවන්දෙණිය පුරාණ විහාරය ප්‍රධාන කරගෙන පැවැත්වෙන මෙම පිංකම් මාලාව සඳහා සමාගම් වතු ප්‍රතිසංස්කරණ , තේ හා රබර් ආශ්රිත භෝග වගා සහ කර්මාන්තශාලා නවීකරණය හා තේ හා රබර් අපනයන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා සහ කෑගල්ල දිස්ත්‍රික් ලේකම් මහින්ද එස්. වීරසුරිය මහතා, සහභාගී විමට නියමිතය.
මෙම පිංකම් මාලාව සංවිධානය කිරිමේදී අවම පිරිසක් සම්බන්ධ කර ගනිමින් කෝවිඩ් -19 වැලැක්වීමේ රජයේ හා සෞඛ්‍ය අමාත්‍යංශය මගින් ලබා දී ඇති උපදෙස් වලට අනුව කටයුතු කිරිමට අවශ්‍ය උපදෙස් ලබා දී ඇත.
පසුගිය වර්ෂයේ මාර්තු මාසයේදි කොරෝනා වසංගතය මුල් වරට හටගත් අවස්ථාවේදී ද දිවයින පුරා වෙහෙර විහාරස්ථානවල වැඩ වසන මහා සංඝ රත්නය දිනපතා රතන සුත්‍රය, ධජග්ග සුත්‍රය හා බොජ්ඣංග සුත්‍ර ආදී සෙත් පිරිත් දේශනා පැවැත්විම රටවාසී ජනතාවට මහත් ආශිර්වාදයක් විය.















