
ආපදා අවස්ථාවන්හි දී මෙහෙයුම් කටයුතු සඳහා ආරක්ෂක අංශ වෙත අවශ්‍ය කරන උපකරණ කට්ටල කිහිපයක් බෙරගල යුද හමුදා කඳවුර වෙත ප්රදානය කිරීම කෑගල්ල දිසාපති /දිස්ත්‍රික් ලේකම් මහින්ද එස්. වීරසූරිය මහතා විසින් අද (06) සිදු කරනු ලැබීය.
මේ අවස්ථාව සඳහා කෑගල්ල දිස්ත්‍රික් ආපදා සහකාර අධ්යක්ෂ අනුශ්ක චමිල මහතා ද සහභාගි වී සිටියේය.















