







කෑගල්ල දිස්ත්‍රික්කයේ රාජ්‍ය නිලධාරීන් ඇතුළු අත්‍යවශ්‍ය සේවා සපයන ආයතනවල සෙසු පිරිස් සඳහා කොවිඩ් එන්නත්කරණ වැඩසටහන අද (09) පෙරවරුවේ දී කෑගල්ල දිසාපති/දිස්ත්‍රික් ලේකම් මහින්ද එස් වීරසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේ දී ආරම්භ කෙරිණි.
කෑගල්ල දිසාපති/දිස්ත්‍රික් ලේකම් මහින්ද එස් වීරසූරිය මහතා මෙහි දී සඳහන් කළේ සයිනොෆාම් එන්නත් 50000 ක් මුල් අදියර යටතේ දිස්ත්‍රික් එන්නත්කරණ වැඩසටහන යටතේ ලබා දී ඇති බවයි.
රාජ්‍ය නිලධාරීන්ට අමතරව දිස්ත්‍රික්කයේ මාධ්‍යවේදීන් පිරිසකට ද එන්නත් ලබා දීම මෙහි දී සිදු කෙරිණි.
මෙම අවස්ථාවට කෑගල්ල අතිරේක දිස්ත්‍රික් ලේකම් (පාලන) චරිතා ඉලංගකෝන්, අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම් හා සංවර්ධන) දිනීෂා එස් රත්නායක, සහකාර දිස්ත්‍රික් ලේකම් විජයානි රත්නසේකර, වසංගත රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය සුජීව බණ්ඩාර, විශේෂඥ වෛද්‍ය සුනේත්‍රා බණ්ඩාර යන මහත්ම මහත්මීන් ඇතුළු සෞඛ්‍ය හා ආරක්ෂක අංශවල නිලධාරීන් පිරිසක් සහභාගී වී සිටියහ.
අත්‍යවශ්‍ය සේවා සපයන ආයතනවල පිරිස් සඳහා එන්නතකරණය දිස්ත්‍රික්කය පුරා මේ වන විට සිදු කෙරෙන අතර ශාන්ත මරියා විදුහලේ පැවති එන්නත්කරණ වැඩසටහන නිරීක්ෂණය කිරීම සඳහා සබරගමු පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා අද පෙරවරුවේ එක්ව සිටියේය.















