මහා පරිමාණ , මධ්‍ය පරිමාණ හා කුඩා පරිමාණ වශයෙන් කාබනික පොහොර නිෂ්පාදනයේ නියැලීමට අපේක්ෂිත ගොවීන් හදුනාගෙන ඒ සඳහා ඔවුන්ට අවශ්‍ය කරන තාක්ෂණික දැනුම හා මුල්‍ය පහසුකම් ඉදිරියේදී ලබා දීමට කටයුතු කරන බව සමාගම් වතු ප්‍රතිසංස්කරණ තේ හා රබර් ආශ්‍රිත භෝග වගා සහ කර්මාන්තශාලා නවීකරණ හා තේ හා රබර් අපනයන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය කනත හේරත් මහතා පැවසීය.
රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා මේ බව සඳහන් කලේ කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ අද (21) පෙරවරුවේ පැවති රබර් සංවර්ධන දෙපාර්තමේන්තුවේ සහ කුඩා තේ වතු සංවර්ධන අධිකාරියේ ක්ෂෙත්‍ර නිලධාරීන් දැනුවත් කිරිමේ වැඩ සටහනකට සහභාගී වෙමිණි.


මෙහිදි රාජ්‍ය අමාත්‍යවරයා තව දුරටත් සඳහන් කලේ 2022 වර්ෂය වන විට රසායනික පෙහොර භාවිතයෙන් ඉවත්ව කාබනික පොහොර භාවිතයට ගොවීන් පෙලබවීමට අවශ්‍ය කටයුතු සිදු කල යුතු බවයි. ඒ සඳහා ගොවීන්ට නුතණ තාක්ෂණය භාවිතයට යොමු කිරිම තුළින් පස සාරවත් කිරිමට අවශ්‍ය කරන නයිට්‍රජන් වැඩි ප්‍රතිශතයකින් සමන්විත කාබනික පොහොර නිෂ්පාදනයට යොමු කල යුතු බවත්ය.
කෑගල්ල දිස්ත්‍රික්කයේ තේ කර්මාන්තයේ වර්ධනය සදහා රුපියල් මිලියන 245 ක් 2021 වර්ෂය සදහා වෙන් කර තිබෙන බවත් ඒ තුළින් කුඩා තේ වතු හිමියන් 50000 ක් තේ නිෂ්පාදන කර්මාන්තයට යොමු කිරිමට කටයුතු කල යුතු බව මෙහිදි අවධාරණය කෙරිනි.


මෙම අවස්ථාවට කෑගල්ල දිසාපති/ දිස්ත්‍රික් ලේකම් මහින්ද එස් වීරසුරිය , සමාගම් වතු ප්‍රතිසංස්කරණ තේ හා රඔර් ආශ්‍රිත භෝග වගා සහ කර්මාන්තශාලා නවීකරණ හා තේ හා රඔර් අපනයන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් තිලකරත්න බණ්ඩාර, රබර් සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් මාධව වර්ණ කුලසුරිය, කුඩා තේ වතු සංවර්ධන අධිකාරියේ කළමනාකරු,රබර් සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ඇතුළු ක්ෂෙත්‍ර නිලධාරින් පිරිසක් සහභාගී විය.

raber1

raber1

raber1