ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ගේ ‘සෞභාග්‍යයේ දැක්ම’ ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව යමින් කාබනික පොහොර භාවිතය ප්‍රචලිත කිරීමේ වැඩසටහනට අදාල කෑගල්ල දිස්ත්‍රික්කයේ සැලසුම්කරණය පිළිබඳ සාකච්ඡාවක් අද (25) දින පස්වරුවේ දී කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවනාගාරයේ දී පැවැත්විණි.
රසායනික පොහොර භාවිතය නතර කොට කාබනික පොහොර භාවිතය දිරි ගැන්වීම සඳහා දැවැන්ත අභියෝගයක් පවතින අතර ඒ සඳහා නිෂ්පාදකයින් , අදාල නිලධාරීන් හා ගොවි ප්‍රජාව ඊට අනුගත කිරීම මූලිකවම සිදු කිරිම අතිශය වැදගත් බව මෙහි දි අදහස් දැක් වූ සබරගමු පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා ප්‍රකාශ කළේ ය. තව ද කාබනික පොහොර භාවිතය ජන ජීවිතයේ අත්‍යවශ්‍යම දෙයක් ලෙස ජනතාවට ඒත්තු ගැන්විම ද සිදු කළ යුතු බව ඒ මහතා විසින් මෙහි දී පෙන්වා දුන්නේ ය. කාබනික පොහොර නිෂ්පාදනය කෙතරම් දිරි ගැන්වුව ද ඒවා භාවිතය සඳහා ගොවි මහතුන් යොමු කිරීම දුෂ්කර වන හෙයින් ඊට ද අවශ්‍ය පියවර ගතයුතු බව ආණ්ඩුකාරතුමා වැඩිදුරටත් අදහස් දක්වමින් සඳහන් කළේ ය.
කෑගල්ල දිස්ත්‍රික්කය සඳහා වාර්ෂිකව පවතින කාබනික පොහොර අවශ්‍යතාවය සපුරා ගැනීම සඳහා නිෂ්පාදකයින්ගේ ධාරිතාවය වැඩි කිරිම, නව නිෂ්පාදකයින් බිහි කිරිම, විශාල පරිමාණ ආයෝජකයින් වැඩි කිරීම, අමුදුව්‍ය සපයා ගැනීම, තාක්ෂණික දැනුම හා උපකරණ භාවිතය, කේෂත්ර නිලධාරීන්ගේ දැනුම වර්ධනය කිරීම ඇතුලු කරුණු රැසක අවශ්‍යතාවය මෙම හමුවේ දී සාකච්ඡා කෙරිණි.
මෙහි දී අදහස් දැක් වූ කෑගල්ල දිසාපති/ දිස්ත්‍රික් ලේකම් මහින්ද එස් වීරසූරිය මහතා සඳහන් කළේ කාබනික පොහොර ව්‍යාප්ත කිරිම සඳහා ඊට සම්බන්ධ අංශවල නිලධාරීන්ගෙන් සැදුම්ලත් කමිටුවක් කඩිනමින් ස්ථාපනය කොට පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, ගොවිජන සේවා දෙපාර්තමේන්තුව හා පළාත් පාලන ආයතන, ව්‍යවසායකයින් හා ගොවි මහතුන් යන සියලු පාර්ශවයන්ගේ එකමුතුවෙන් දිස්ත්‍රික්කයේ පොහොර අවශ්‍යතාවය සපුරා ගැනීම සඳහා කටයුතු සිදු කරන බව ය. දිස්ත්‍රික්, ප්‍රාදේශීය හා ග්‍රාම නිලධාරී මට්ටමේ සිට බිම් මට්ටම දක්වාම මෙම ක්‍රියාවලිය එක ලෙස ව්‍යාප්ත කිරිම විධිමත්ව සිදු කිරීමේ අවශ්‍යතාවය ද දිසාපතිවරයා මෙහි දී පෙන්වා දුන්නේ ය.
මෙම සාකච්ඡාවේ දී දැනට කාබනික පොහොර නිෂ්පාදනය කරන ව්‍යවසායකයින් ද සිය අදහස් එක් කළ අතර පවතින ගැටලු හා ඊට අවශ්‍ය විසදුම් පිලිබඳව අවධානය යොමු විය. ඒ අනුව ශ්‍රම හිඟය, ඉඩකඩ අවශ්‍යතාවයන්, තාක්ෂණික හා අමුද්‍රව්‍ය ගැටලු, ප්‍රමිතිය පරික්ෂා කිරිම, ප්‍රාග්ධන පහසුකම් සැපයීම යනා දී කාරණා රැසක් පිළිබඳ අවධානය යොමු විය. එසේම රාජ්‍ය බැංකු හරහා මූලික සුදුසුකම් සපුරන නිෂ්පාදකයින් සඳහා 75% දක්වා ණය පහසුකම් ලබා දෙන බව ද මෙහි දී අවධාරණය කෙරිණි.
ඒ අනුව කාබනික පොහොර පමණක් භාවිත වන ලොව පළමු රට බවට ශ්‍රී ලංකාව පත් විම කරා යන ගමනට කෑගල්ල දිස්ත්‍රික්කයේ සැලසුම් ජූලි මස 01 වන දා සිට ක්‍රියාත්මක වන බව ද මෙම හමුවේ දී තිරණය කෙරිණි.
මෙම අවස්ථාවට සමාගම් වතු ප්‍රතිසංස්කරණ තේ හා රබර් ආශ්රිත භෝග වගා සහ කර්මාන්තශාලා නවීකරණ තේ හා රබර් අපනයන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය කනක හේරත්, කලාපිය සහයෝගිතා රාජ්‍ය අමාත්‍ය තාරක බාලසුරිය, කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනී රාජිකා වික්‍රමසිංහ, කෑගල්ල නගර සභ සභපති, කෑගල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය සභාවල සභාපතිවරුන්, අතිරේක දිස්ත්‍රික් ලේකම් (පාලන) චරිතා ඉලංගකෝන්, අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම් හා සංවර්ධන ) දිනිෂා එස් රත්නායක යන මහත්ම මහත්මීන් ද, සබරගමු පළාත් සභාවේ කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම්, කෘෂි කේෂත්රයට අදාල අංශවල නිලධාරීන්, රාජ්‍ය බැංකු නිලධාරීන් ඇතුලු නිලධාරීන් පිරිසක් එක්ව සිටිය හ.


















