සමස්ත දිවයිනම ආවරණ වන පරිදි ක්‍රියාත්මක වන ‘වාරි සෞභාග්‍යා’ වැඩසටහන අදාලව ග්‍රාමීය වැව් අමුණු සංවර්ධනය කිරිම යටතේ වරකාපොල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ දැදිගම ගල්වල අමුණෙහි ඉදි කිරීම් හා අලුතු වැඩියා කටයුතු යළි ආරම්භ කිරීම අද (02) පෙරවරුවේ දි කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී උදයකාන්ත ගුණතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් සහ කෑගල්ල දිසාපති/ දිස්‍ත්‍රික් ලේකම් මහින්ද එස් වීරසූරිය මහතාගේ සහභාගීත්වයෙන් සිදු කෙරිණි.

මෙම ව්‍යාපෘත්තිය සඳහා ඇස්තමේන්තු ගත මුදල රුපියල් ලක්ෂ 40 ක් වන මාස 06 ක කාලක් තුල ඉදිකිරීම් නිම කිරිමට නියමිත ය. ගොවි ජන සංවර්ධන දෙපාර්තමේන්තුව, වාරි මාර්ග දෙපාර්තමේන්තුව සහ වරකාපොල ප්‍රාදේශිය ලේකම් කාර්යාලය එක්ව ව්‍යාපෘතියෙහි කටයුතු සිදු කෙරේ
.
මෙම අවස්ථාවට වරකාපොල ප්‍රාදේශිය සභා සභාපති සරත් සුමනසූරිය ඇතුලු ප්‍රාදේශිය දේශපාලන අධිකාරිය, වරකාපොල ප්‍රාදේශිය ලේකම් රංගන සජීව මහතා හා රාජ්‍ය නිලධාරීන් පිරිසක් එක් වූහ.

imbalovita1

imbalovita2

imbalovita3

imbalovita4

imbalovita5

imbalovita6