කෑගල්ල දිස්ත්‍රික්කයේ දැනට ක්‍රියාත්මක වෙම්න් පවතින සංවර්ධන වැඩසටහන්හි ප්‍රගතිය විමසා බැලෙන සාකච්ඡාවක් අද (20) දින පෙරවරුවේ zoom ඔස්සේ කෑගල්ල දිසාපති/දිස්ත්‍රික් ලේකම් මහින්ද එස් වීරසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

එහි දී සෞභාග්‍යා නිෂ්පාදන ගම්මාන වැඩසටහන, සාම්ප්‍රදායික නිෂ්පාදන ගම්මාන වැඩසටහන, ග්‍රාමීය මාර්ග සංවර්ධන වැඩසටහන, "ගම සමඟ පිළිසදර" වැඩසටහනෙහි යටිතල පහසුකම් පිළිබඳ ප්‍රගතිය, විමධ්‍යගත අයවැය ප්‍රගතිය, ග්‍රාමීය ක්‍රීඩා පිටි ප්‍රතිසංස්කරණ වැඩසටහන, රඹුක්කන ,පින්නවල ඉදිකෙරෙන පුරවර විශ්ව විද්‍යාල ඉදිකිරීමේ ප්‍රගතිය, දිස්ත්‍රික්කයේ පිහිටි සංචාරක ආකර්ශනයට පත් දියඇලි සංවර්ධන කිරීමේ ප්‍රගතිය, ජල සම්පාදන හා සනීපාරක්ෂක, ඉඩම් සංවර්ධන යනාදී කරුණු පිලිබද අවධානයට ලක් කෙරිණි.

මෙහි දි අදහස් දැක් වු කෑගල්ල දිසාපතිතුමන් ප්‍රකාශ කළේ පවතින කොව්ඩ් අවධානම හමුවේ වුව ද සංවර්ධන කටයුතු අඩාල නො කර පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය කටයුතු සිදුකිරීමට පියවර ගන්නා ලෙසත්, ජන ජීවිත ආරක්ෂා කිරිම සඳහාත් කටයුතු කිරිමට පියවර ගන්නා ලෙසත් ය.

මෙම සාකච්ඡාවට එක්වූ ප්‍රාදේශීය ලේකම්වරු විසින් දැනට ක්‍රියාත්මක වෙමින් පවතින යම් යම් වැඩසටහන් සඳහා ලබා දිය යුතු ප්‍රායෝගික පුහුණු අවස්ථා ලබා දීමේ අපහසුතාවයක් මතුව ඇති බැවින් ඒ සදහා සහන කාලයක් හෝ අවස්ථාවක් ලබා දිමේ අවශ්‍යතාවය පිලිබඳ පෙන්වා දුන්හ.

මෙම සාකච්ඡාවට කෑගල්ල අතිරේක දිස්ත්‍රික් ලේකම් (පාලන) චරිතා ඉලංගකෝන්, අතිරේක දිස්ත්‍රික් ලේකම් ( ඉඩම් හා සංවර්ධන) දිනීෂා එස් රත්නායක, දිස්ත්‍රික් සැලසුම් අධ්‍යක්ෂ ඒ .ඒ වීරකොන්, දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්‍යක්ෂ මංජුල පින්නලන්ද යන මහත්ම මහත්මීන් හා සියලුම ප්‍රාදේශීය ලේකම්වරුන් ඇතුලු රාජ්‍ය ආයතනවල නිලධාරීන් පිරිසක් එක්ව සිටිය හ.