තරුණ හා ක්‍රිඩා අමාත්‍යාංශයේ මිනිස් බල හා රැකිරක්ෂා දෙපාර්තමේන්තුවේ කෑගල්ල දිස්ත්‍රික් රැකියා කේන්ද්‍රය මගින් වෘත්තීය මාර්ගෝපදේශ සතිය වෙනුවෙන් මාර්ගගත ක්‍රමය ඔස්සේ පවත්වනු ලබන තරග සදහා 9 ,10, 11 ශ්‍රේණිවල දරුවන්ගෙන් 2021.08.23 වන දින සිට 2021.09.12 වන දින දක්වා අයදුම්පත් කැදවනු ලැබේ.

වැඩිහිටි රචනා තරගය සදහා වයස අවුරුදු 18 ට වැඩි ඹ්නැම අයෙකුට සහභාගි විය හැකිය. ඒ සදහා ද 2021.08.23 වන දින සිට 2021.09.12 වන දින දක්වා අයදුම්පත් කැදවනු ලැබේ.

මේ යටතේ රචනා , චිත්‍ර, ගද්‍ය රචනා, කථික සහ දැනුම මිනුම, තරග පැවැත්වේ

. මෙහි මාතෘකා වශයෙන් ශ්‍රි ලංකාවේ ශ්‍රම ළුලදායිතාවය තුළ අනාගත වැඩ ලොව ජය ගන්නට වෘත්තීය මාර්ගෝපදේශයේ වැදගත්තම, 21 වන සියවස හා වෘත්තීය මාර්ගෝපදේශය, සිහින දකිමු සැලසුම් කරමු වැඩ ලෝකය හැඩ කරමු,රටක වෘත්තීය මාර්ගෝපදේශ සේවාවක වැදගත්තම රටේ සංවර්ධනයට තරුණ ප්‍රජාවේ දායකත්වය යන මාතෘකා ඔස්සේ මෙම තරග පැවැත්වේ.

වෘත්තීය මාර්ගෝපදේශ සතිය 2021 ඔක්තොම්බර් 04 සිට 10 දක්වා පැවැත්වෙන අතර එම සතිය වෙනුවෙන් මෙම තරග මාලාව පැවැත්වේ. මෙම තරග ජයග්‍රාහකයින් සදහා සහතික පත් හා මුල්‍ය ත්‍යාග පිරිනැමීමටද නියමිතය.
කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ මානව සම්පත් නිලධාරි රංජිත් මුගුණුවෙල මහතා ( 076 8447558 , 070 2292132) , ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල මානව සම්පත් සංවර්ධන නිලධාරීන්ගෙන් සහ https://www.dome.gov.lk වෙබ් අඩවිය මගින්ද මෙම තරගය පිළිබද වැඩිදුර තොරතුරු ලබා ගත හැකිය.