වේවැල් පිත්තල මැටි ලී බඩු සහ ග්‍රාමීය ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ප්‍රතිපාදන මත කෑගල්ල දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක ව්‍යාපෘතින්හි ප්‍රගතිය විමසා බැලීමේ හමුවක් Zoom ඔස්සේ අද ( 21) දින පෙරවරුවේ එම අමාත්‍යාංශයේ ලේකම් එම්. ඒ. බී. විජිත බණ්ඩාරනායක මහතා හා කැගල්ල දිසාපති/ දිස්ත්‍රික් ලේකම් මහින්ද එස් වීරසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
පවත්නා කොරෝනා වසංගත තත්වය හමුවේ වුවද විවිධ අභියෝගයන්ට මුහුණ දෙමින් මේ වසර අවසන් වන විට සැලසුම් කල ඉලක්ක කරා යා යුතු බව සදහන් කල අමාත්‍යාංශ ලේකම්තුමන් කෑගල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 11 හිම මෙම ව්‍යාපෘතින් සම්බන්ධයෙන් ගැටළු හා ප්‍රගතිය විමසා බැලීමක් සිදු කෙරිණි.
මෙම අමාත්‍යාංශය යටතේ කෑගල්ල දිස්ත්‍රික්කයේ සාම්ප්‍රදායික ග්‍රාමීය හස්ත කර්මාන්ත හා ගෘහ කර්මාන්ත
ක්ෂේත්රයේ ප්‍රවර්ධනය සදහා විශාල මුදල් ප්රතිපාදනයක් වෙන් වි ඇති අතර එම වැඩ සටහන් දිස්ත්‍රික්කයේ සියළුම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයන්හි ප්‍රාදේශිය ලේකම්වරුන්ගේ අධික්ෂණය යටතේ සාර්ථකව මේ වන විට ක්‍රියාත්මත වන බව දිස්ත්‍රික් ලේකම්තුමන් පැවසිය .
මේ යටතේ එක් ගමකට එක් ව්‍යවසායකයෙක් බිහි කිරිමේ වැඩ සටහන යටතේ ප්‍රතිලාභින් 537 ක් තෝරාගෙන එම ව්‍යවසායකයින් හට න්‍යායික හා ප්‍රායෝගික පුහුණු ලබා දිම මේ වන විටත් ක්‍රියාත්මකයි.
ග්‍රාමීය හා සාම්ප්‍රදායික කර්මාන්ත ගම්මාන ඒකාබද්ධ වැඩ සටහන යටතේ ගම්මාන 4 ක් දිස්ත්‍රික්කය තුළ ආරම්භ කිරිමට කටයුතු කර ඇත. ඒ යටතේ, මාවනැල්ල -අල්කේගම හණ ගම්මානයත්, යටියන්තොට පැලැල්ලේගම උණ බට ගම්මානයත්, රඹුක්කන -කහබිලියාගම මැටි කර්මාන්ත ගම්මානයත්, අරණායක සාමගම මැටි කර්මාන්ත ගම්මානයත් ලෙසය.
ජාතික ශිල්ප සභාව හා විදාතා මධ්‍යස්ථානය ඒකාබද්ධව ග්‍රාමීය කර්මාන්ත සදහා දේශිය හා විදේශිය වෙළදපල ප්‍රවර්ධන වැඩ සටහන් ක්‍රියාත්මකය.
ග්‍රාමීය කර්මාන්ත සදහා අමුද්‍රව්‍ය වගා කිරිමේ වැඩ සටහන යටතේ යටියන්තොට ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසය වේවල් හා උණ පැල අක්කර පහක වගා කිරිමට කටයුතු යොදා ඇත.
රඹුක්කන - මොලගොඩ අමුද්‍රව්‍ය කළමනාකරණ බැංකුවත් ස්ථාපිත තිරිම, ග්‍රාමීය කර්මාන්ත කරුවන් සදහා තාක්ෂණික සහාය ලබා දිම හා දැනුම හුවමාරුව, ග්‍රාමීය කර්මාන්තවල නිෂ්පාදන ප්‍රමිතිගත කිරිම, හස්ත කර්මාන්ත ශිල්පින් ලියාපදිංවිය හා ශිල්ප සභා ස්ථාපිත කිරිමටද නියමිතය.
ඉහත සදහන් වු වැඩ සටහන් දිස්ත්‍රික්කය තුල මේ වන විට ක්‍රියාත්මක වන අතර අමාත්‍යාංශය මගින් මුදල් ප්‍රතිපාදන මිලියන 100 ක් මේ වන විට වෙන් කර දී ඇති අතර කොරෝනා වසංගත තත්වය හමුවේ වුවද එම ව්‍යාපෘතින් ක්‍රියාත්මක වන බව දිසාපති/ දිස්ත්‍රික් ලේකම් මහින්ද එස් වීරසූරිය මහතා මෙහි දී සඳහන් කළේය. මෙම ව්‍යාපෘතින් සදහා ප්‍රාදේශිය ලේකම්වරුන් , සහකාර ප්‍රාදේශිය ලේකම්වරුන්,සැලසුම් සහකාර / නියෝජ්‍ය අධ්යක්ෂවරුන් , ගණකාධිකාරිවරුන්, දිස්ත්‍රික්කයේ විධාතා නිලධාරීන් හා ජාතික ශිල්ප සභාවේ නිලධාරින්ගේ හා ව්‍යවසායකයින්ගේ ප්රමුඛ දායතත්වය ලැබී ඇති බවද ඒ මහතා වැඩි දුරටත් පැවසීය.
මෙම අවස්ථාවට වේවැල් පිත්තල මැටි ලී බඩු සහ ග්‍රාමීය ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ නිලධාරින්, ජාතික ශිල්ප සභාවේ සභාපති , ප්‍රාදේශිය ලේකම්වරුන්, දිස්ත්‍රික් සැලසුම් අධ්යක්ෂ, සැලසුම් සහකාර / නියෝජ්‍ය අධ්යක්ෂවරුන් , ගණකාධිකාරිවරුන්, දිස්ත්‍රික්කයේ විධාතා නිලධාරීන් හා ජාතික ශිල්ප සභාවේ නිලධාරින්, ඇතුළු පිරිසක් එක්ව සිටිය හ.




















