×

Message

Invalid Page Request

පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව යටතේ ක්‍රියාත්මක ළමා සභා සංකල්පයට අනුගත වෙමින් ක්‍රියාත්මක වන කෑගල්ල දිස්ත්‍රික් ළමා සභාව මගින් "කුළුදුල් ගී ප්‍රසංගය "යන්න තේමා කර ගනිමින් ළමා සහභාගිත්ව අයිතියට නව අරුතක් එක්කරමින් දියත් කල වැඩසටහනක් zoom ඔස්සේ අද (21 ) පස්වරුවේ දි පැවැත්විණි.

මෙම වැඩසටහන කෑගල්ල දිස්ත්‍රික් ලේකම්/දිසාපති මහින්ද එස් විරසුරිය මහතාඟේ උපදෙස් හා මඟ පෙන්විම යටතේ දිස්ත්‍රික් පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව මගින් සංවිධානය කෙරිණි.

යටියන්තොට නවට රන්තරු ළමා සමාජයේ දරුවන් දෙදෙනකු විසින් මෙහි සම්පත් දායකත්වය ලබාදි තිබිණි.

මෙම අවස්ථාවට සුභ පැතුම් පණිවිඩයක් එක් කළ යටියන්තොට ප්‍රාදේශිය ලේකම් ප්‍රියංගනි පෙතන්ගොඩ මහත්මිය සඳහන් කළේ රටේ අනාගතය භාර ගැනීමට සූදානම්ව සිටින පිරිපුන් දරු පිරිසක් බිහිකිරිමට මෙවැනි වැඩසටහන් ඔස්සේ මනා පිටිවහලක් වන බවයි.

එළඹෙන ලෝක ළමා දිනයේදි ළමා සමාජ හරහා යටියන්තොට ප්‍රාදේශිය ලේකම් කොට්ථාශය තුළ නැණ ප්‍රදීප වැඩසටහන ,අධ්‍යාපන උපකරණ සංචිතයක් ගොඩනැගීම , රුක් රෝපණ වැඩසටහන හා රසවින්දනාත්මක වැඩසටහනක් ක්‍රියාත්මක කිරිමට සැලසුම් කර තිබෙන බව ද ඒ මහත්මිය මෙහි දී වැඩිදුරටත් සඳහන් කළා ය.