ළමා අයිතිවාසිකම් ප්‍රඥප්තිය ක්‍රියාවට නංවමින් ළමා සහභාගීත්ව අයිතිය තහවුරු කිරිම සඳහා දිස්ත්‍රික් ළමා සභාව ක්‍රියාත්මක වේ. ඒ අනුව කෑගල්ල දිස්ත්‍රික් ළමා සභාව සඳහා නිළධාරීන් පත් කර ගැනීමේ නිලවරණය දිස්ත්‍රික් ලේකම්/ දිසාපති මහින්ද එස් වීරසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් අද (27) පෙරවරුවේදී zoom ඔස්යේ පැවැත්විණි.

දරුවන් තුළ ඇති දක්ෂතාවයන් හා හැකියාවන් හදුනාගනිමින් තම පෞරුෂය ගොඩනංවා ගැනීමට මහගු පිටිවහලක් ළමා සමාජ මගින් උදාකර ගත හැකි බවත්, තම හැකියාවන් රටට පමණක් නොව ජාත්‍යන්තරය කරා ගෙන යෑමට මේ මගින් මාවත විවර වෙන බවත් මේ අවස්ථාවට සුභ පැතුම් එක් කරමින් දිස්ත්‍රික් ලේකම්/ දිසාපති මහින්ද එස් වීරසූරිය මහතා පැවසීය.

මේ යටතේ කෑගල්ල දිස්ත්‍රික්කයේ සියළුම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයන් නියෝජනය වන පරිදි එක් ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයකින් ළමයින් 6දෙනෙකු බැගින් 66 දෙනෙක් ඡන්ද දායකයින් ලෙස ඉදිරිපත් විය. ගුගල් පත්‍රිකාවක් හරහා නිලවරණය සදහා ඉදිරිපත් වන දරුවන්නන්ගේ නාම යෝජනා ලබා ගැනීමත් සිදු කෙරිණි .එම දරුවන් 66 දෙනාගෙන් සමන්විත whatsApp කණ්ඩායමක් හරහා ඔවුන්ට අවශ්‍ය ප්‍රචාරක කටයුතු කර ගැනීම සදහා දින 5 ක කාලයක් ලැබිණි. ඒ අනුව දිස්ත්‍රික් ළමා සභාවේ නිලතල 17 ක් සඳහා ළමයින් 32 දෙදෙනෙකු අතර ඡන්ද විමසීම අද පෙරවරුවේදී සිදු කෙරිණි. Oxfam ආයතනය හරහා මේ දරුවන් 66 දෙනා වෙනුවෙන් අන්තර්ජාල හා තාක්ෂණික අනුග්‍රහය ලැබිණි.

ඡන්ද විමසිමේ ප්‍රතිළුල අනුව සභාපති- පසිදු රුක්ෂාන්-යටියන්තොට, ලේකම්- දසුනි උපේක්ෂා විජේවර්ධන- යටියන්තොට, උප සභාපති- සදුමිනි ගුණතිලක- අරනායක ,උප ලේකම් සදනි ශිවංගි ප්‍රාභාශිනි -මාවනැල්ල, භාණ්ඩාගාරික -සම්මානි ප්‍රාර්ථනා ගජසිංහ -යටියන්තොට, දිස්ත්‍රික් සංවිධායක -දුලංජන දිල්ශාන්- යටියන්තොට, Krida අනුකමිටුවේ සභාපති -ගිහාන් සංකල්ප -දෙහිඕවිට , ක්‍රිඩා අනු කමිටුවේ ලේකම්-අවෝධ්‍යා ගිමිහානී -රුවන්වැල්ල , පරිසරය අනු කමිටුවේ සභාපති -සී.රණසිංහ -රුවන්වැල්ල, පරිසර අනු කමිටුවේ ලේකම්-හංසිකා ලන්ෂිකා යටියන්තොට ,සෞන්දර්ය අනු කමිටුවේ සභාපති-හංසමාල් දිනුජය -කෑගල්ල, සෞන්දර්ය අනු කමිටුවේ ලේකම්- දුලක්ෂි දනන්ජනී අදිකාරි -රඹුක්කන ,ළමා අයිවාසිකම් අනු කමිටුවේ සභාපති -පියුමි හංසිකා බංඞාර -කෑගල්ල, ළමා අයිතිවාසිකම් කමිටුවේ ලේකම් -ටරිනි ඩියාරා- යටියන්තොට, ජනමාධ්‍ය අනු කමිටුවේ සභාපති-තරුෂ සන්දප් විරසිංහ අරනායක ,සගරා සංස්කාරක-බානුක නිමේෂ් -වරකාපොල, පර්යේෂන හා පුහුණු සභාපති -ආකාශ් ක්‍රිෂාන් - රුවන්වැල්ල ලෙසින් තේරී පත්විණි.

රවේ පවත්නා කොවිඩ් 19 වසංගත තත්වය හමුවේ පාසල් අධ්‍යාපනයෙන් බැහැරව නිවසට කොටු වී සිටින දරුවන්ගේ මානසික සුවය වෙනුවෙන් දිස්ත්‍රික් ළමා සභාව මගින් පවත්වන වැඩ සටහන් වල වැදගත්කම පෙන්වා දුන් කෑගල්ල අතිරේක දිස්ත්‍රික් ලේකම් (පාලන) චරිතා ඉලංගකෝන් මහත්මිය මේ වැඩසටහන් මාලාව වෙනුනේ සහාය දැක්වු සියළු දෙනා වෙත සුභපැතුම් එක් කලාය.

මෙම නිලවරණය පැවැත්වීම දිස්ත්‍රික් ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරී රූපා කිරගල මහත්මියගේ සෘජු මැදිහත්වීම මත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයන්හි ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරින්ගේ සහාය ඇතිව සිදු කෙරිණි.

මේ අවස්ථාව සදහා පසුගිය වසරවල නිලතල දැරු දිස්ත්‍රික් ළමා සභාවල නිලධාරීන් කිහිපදෙනෙක් හා Oxfam ආයතනයේ නිලධාරීන් පිරිසක්ද එක් වුහ.