"සියල්ලන්ට පෙර දරුවන් " 2021 ලෝක ළමා දින තේමාව අරමුණු කර ගනිමින් පරිවාස හා ළමාරක්ෂක දෙපාර්තමේන්තුව මගින් කුසගිනි නැති තුරුලිය ඇති දැහැමි රටක් ගොඩ නගමු වැඩ සටහනට සමගාමීව කෑගල්ල දිස්ත්රික්කයේ සියළුම ප්රාදේශිය ලේකම් කොට්ථාස ආවරණය වන පරිදි කොස් පැල රෝපණය කිරිමේ වැඩ සටහනක් හා ළමා පරිසර බලකායක් පිහිටුවීම අද (01) දින සිදු කෙරිණි.
කෑගල්ල දිස්ත්රික් වැඩසටහන කෑගල්ල දිසාපති / දිස්ත්රික් ලේකම් මහින්ද එස් වීරසූරිය මහතාගේ ප්රධානත්වයෙන් පාසල් දරු දැරියන්ගේ සහභාගීත්වයෙන් දිසාපති මැදුර පරිශ්රයේ කොස් පැළයක් රෝපණය කිරිම අද පෙරවරුවේදී සිදු කෙරිණි.
මෙහිදි දිසාපතිවරයා සඳහන් කලේ අනාගත ලෝකය භාර ගැනීමට සිටින දූ දරුවන් වෙනුවෙන් වෙන් කර තිබෙන ළමා දිනය අද වන විට කොරෝනා වසංගතය හමුවේ ලෝකය විශාල අර්බුධයකට මුහුණ දී තිබෙනවා. කුඩා දරුවන්ටද ඒ අභියෝගය ඒ ආකාරයෙන්ම බලපා තිබෙන බව පැවසු අතර මේ සියළු දේ පදනම් කර ගනිමින් ළමුන් හරහා යහපත් ලොවක් ගොඩ නගන්නට හැකි හැම පියවරක්ම ගතයුතු බවයි.
විශේෂයෙන්ම පරිසරය ආරක්ෂා කර ගනිමින් කුස ගිනි නැති තුරුලිය ඇති දැහැමි රටක් ගොඩ නගමු යන්න තේමා කරගෙන ක්රියාත්මක කරන කොස් පැළ රෝපණ වැඩ සටහන තුළින් ලෝක ළමා දින අරමුණ ඉටු වන බවක් මේ හරහා සුභදායි අනාගත ලොවක් බිහි කිරිමට හැකි වන බව තවදුරටත් දිසාපතිවරයා සදහන් කලේය.
මේ අවස්ථාවට අතිරේක දිස්ත්රික් ලේකම් (පාලන ) චරිතා ඉලංගකෝන් , අතිරේක දිස්ත්රික් ලේකම් (ඉඩම් හා සංවර්ධන ) දිනිෂා එස් රතනායක , දිස්ත්රික් කෘෂි කර්ම අධ්යක්ෂ මංජුල පින්නලන්ද ,දිස්ත්රික් ළමා හිමිකම් ප්රවර්ධන නිලධාරී රූපා කීරගල යන මහත්ම මහතමීන් ඇතුළු පිරිසක් සහභාගී වුහ.





















