තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ පූර්ණ මැදිහත්විමෙන් කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි කලාපීය සහයෝගිතා පිළිබද රාජ්‍ය අමාත්‍ය තාරක බාලසුරිය මහතාගේ සම්බන්ධිකරණයෙන් E - soft පරිගණක ආයතනය මගින් කෑගල්ල දිස්ත්‍රික්කයේ ශාසනාරක්ෂක බල මණ්ඩල සදහා පරිගණක ලබාදිම අද ( 03 ) පෙරවරුවේදි වෑවළදෙණිය විහාරස්ථානයේ දී සිදුකෙරිණි.

මෙහිදි කෑගල්ල දිස්ත්‍රික්කයේ සියලුම ශාසනාරක්ෂක බල මණ්ඩල සදහා පරිගණක යන්ත්‍ර ලබාදිම සිදුවිය.

ඉදිරියේදි E - soft ආයතනය හා එක්ව පිරිවෙන් වල අධ්‍යාපනය හදාරන භික්ෂුන් වහන්සේලාට ඉංග්‍රිසි අධ්‍යපනය හැදෑරිමට අවශ්‍ය පහසුකම් ලබාදිමට පියවර ගන්නා බවත් , කලාපීය වශයෙන් ශ්‍රි ලංකාව ථේරවාදි බෞද්ධ මධ්‍යස්ථානයක් බවට පත්කිරිමට කටයුතු කරන බවත් මෙහි දී රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා ප්‍රකාශ කළේය.

කෑගල්ල දිසාපති /දිස්ත්‍රික් ලේකම් මහින්ද එස්.වීරසුරිය මහතා මෙහි දී සඳහන් කළේ පරිගණක තාක්ෂණය යොදා ගනිමින් ලේඛකාධිකාරි බල මණ්ඩලවල කටයුතු වඩාත් කාර්යක්ෂම ආකාරයෙන් කරගෙන යාමට මේ තුළින් හැකිවන බවයි.

මෙම අවස්ථාවට කෑගල්ල වෑවළදෙණිය විහාරාධිපති දිස්ත්‍රික් ශාසකාරක්ෂක බල මණ්ඩලයේ ගරු සභාපති පාතබුලත්ගම කෝරළ තුන ඇතුලු සතර කෝරළ මහ දිශාවේ ප්‍රධාන සංඝනායක විශ්‍රාමලත් නියෝජ්‍ය අධ්‍යපන අධ්‍යක්ෂ පුජ්‍ය හෙම්මාවතගම සිද්ධාර්ථ නාහිමියන් ඇතුලු මහසංඝරත්නයද,කෑගල්ල ප්‍රාදේශිය ලේකම් කේ.ජි.එස් නිශාන්ත, E - soft ආයතනයේ කළමණාකරණ අධ්‍යක්ෂ ෂෙහාන් රාජපක්ෂ, දිස්ත්‍රික් බෞද්ධ කටයුතු සමායෝජක බන්නක මහතා ඇතුලු පිරිසක් එක්ව සිටියහ.