2021 ලෝක ළමා දින කෑගල්ල දිස්ත්‍රික් වැඩසටහන 2021.10.24.දින කාන්තා හා ළමා සංවර්ධන පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් දේශපාලන අධිකාරියේ සහභාගිත්වයෙන් රඹුක්කන ප්‍රාදේශිය ලේකම් කාර්යාලිය ශ්‍රවනාගාරයේදි පැවැත්විමට නියමිතය.

ඒ පිළිබද පූර්ව සාකච්ඡාවක් අද (22 ) දින පෙරවරුවේ දි කෑගල්ල දිසාපති/දිස්ත්‍රික් ලේකම් මහින්ද එස්.වීරසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලිය ශ්‍රවණාගාරයේ දි පැවැත්විණි.

මෙම අවස්ථාවට අතිරේක දිස්ත්‍රික් ලේකම් (පාලන ) චරිතා ඉලංගකොන්, අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම් හා සංවර්ධන )දිනිෂා එස්.රත්නායක, රඹුක්කන ප්‍රාදේශිය ලේකම් ඉන්දික ලියනගේ යන මහත්ම මහත්මින් ඇතුලු දිස්ත්‍රික් ළමා අංශයේ නිලධාරින් පිරිසක් සහභාගි වුහ.