කෑගල්ල දිස්ත්‍රික්කයේ සියලුම සංවර්ධන වැඩසටහන් පිළිබඳ සාකච්ඡා කෙරෙන දිස්ත්‍රික් සම්බන්ධීකරණ රැස්වීම අද (27) වන දින පෙරවරුවේ දී සබරගමු පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතාගේ ප්‍රධානත්වයෙන් කෑගල්ල නගර සභා ශ්‍රවනාගාරයේ දී පැවැත්විණි.
මෙම හමුවේ දි කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඔස්සේ සහ සබරගමුව පළාත් සභාව ඔස්සේ ක්‍රියාත්මක කෙරෙන හා යෝජිත සංවර්ධන වැඩසටහන්වල වත්මන් ප්‍රගතිය පිළිබඳ අදාල අංශවල නිලධාරීන් හරහා අවශ්‍ය තොරතුරු විමසා බැලීම සිදු කරන ලදී.
ඒ අනුව සෞභාග්‍යා නිෂ්පාදන ගම්මාන, සාම්ප්‍රදායික නිෂ්පාදන ගම්මාන මෙන්ම අපනයන ගම්මාන පිළිබඳ කරුණු විමසා බැලුුනු අතර ග්‍රාමීය ක්‍රීඩා පිටි , ග්‍රාමීය සනීපාරක්ෂක පහසුකම් සැලසීමේ ව්‍යාපෘති, සංචාරක හා දිය ඇලි සංවර්ධන වැඩසටහන් මෙන්ම ජීවනෝපාය සංවර්ධන ව්‍යාපෘති යෝජනා සම්බන්ධව ද පුලුල් අවධානය යොමු විය.
දෙහිඕවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අදාලව වැසිකිලි සංවර්ධන ව්‍යාපෘතින් හා බස් ඩිපෝවක් ස්ථාපනය කිරිමට අදාලව ද කරුණු විමිසා බැලිණි.
මෙහි දි අදහස් දැක් වු සබරගමු පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා කොව්ඩ් වසංගතය තම පළාත තුල පාලන මට්ටමකට ගෙන ඒමට සහය වූ සෞඛ්‍ය අංශයටත්, ආරක්ෂක අංශයටත්, රාජ්‍ය නිලධාරීන්ටත් තම ප්‍රණාමය ප්‍රකාශ කල අතර එන්නත්කරණ කටයුතු සාර්ථකව සිදු වන බවත් සඳහන් කළේ ය. වැඩිදුරටත් අදහස් දැක් වු ඒ මහතා කියා සිටියේ කොට්ඨාස මට්ටමින් කාබනික පොහොර අවශ්‍යතාවය සපුරා ගැනීමට නිරන්තරව උත්සුක විය යුතු බවත්, සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක වීමේ දි ඒවා ප්‍රාෙද්ශිය සම්බන්ධීකරණ කමිටු අනුමැතිය හරහා අනුමත වූ ව්‍යාපෘතීන් ලෙස ඒවා ඉදිරිපත් විය යුතු බවත් ය.
මෙම දිස්ත්‍රික් සම්බන්ධීකරණ කම්ටුවේ දී කොව්ඩ් එන්නත්කරණ කටයුතු පිළිබඳ විමසා බැලුනු අතර එන්නත්කරණය ඉතා ප්රශස්ත මට්ටමක පවතින බව දිස්ත්‍රික් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී විසින් සඳහන් කළ අතර එන්නත්කරණය සඳහා වයස 20 – 30 අතර තරුණ ප්‍රජාවගේ සහභාගීත්වයේ යම් අඩුවක් පවතිව බව පෙන්වා දුන්නේ ය.
මෙම හමුවේ දි මාවනැල්ල සහිරා විදුහලේ ප්‍රාථමික අංශ ක්‍රීඩා පිටිය සැකසිම, මාදෙණිය දෙමළ ද්වීතික අංශය ආරම්භ කිරිම , බුලත්කොහුපිටිය වරාවල මාර්ගය, පස්යාල - කඩුගන්නාව මාර්ගය පුලුල් කිරිම මෙන්ම වතු ආශ්රිත මාර්ග පුනරුත්ථාපන ව්‍යාපෘතියට අදාල මාර්ග පිළිබඳව වත්මන් ප්රගතිව විමසා බැලිණි.
තව ද වාරි සෞභාග්‍යා වැඩසටහන,සනීපාරක්ෂන පහසුකම් වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘතිය ( Wassip ), ආපදාවන්ට ලක්වූවන් නැවත පදිංචි කළ හබලක්කාව ජල ව්‍යාපාතිය , සමෘද්ධි සංවර්ධන වැඩසටහන් ඔස්සේ ක්‍රියාත්මක කෙරෙන පළතුරු පැල, ගෙවතු බීජ, පොල් පැළ මෙන්ම කුකුළු පැටව් බෙදා දීම්, දැයට එලිය ජාතික වැඩසටහන සඳහා හඳුනා ගත් ප්‍රතිලාභීන් හඳුනා ගැනීම් මෙන්ම යටියන්තොට යක්දෙස්සවත්ත වන ජිවී රක්ෂිතයක් ලෙස පත් කිරිම සම්බන්ධ වත්මන් ප්‍රගතිය යනාදී කරුණු රැසක් මෙම කම්ටුවේ දී අවධානයට ලක් කෙරිණි.
මෙහි දී ගම සමඟ පිළිසඳර වැඩසටහන යටතේ පරිසර හා තිරසාර සංවර්ධනයට වෙන් කර ඇති මුදලින් සෑම වසමක්ම ආවරණය වන පරිදි නො දිරන ද්‍රව්‍ය එක් රැස් කිරීමේ මධ්‍යස්ථාන පිහිටු වීමටත් , සමාජ සුභසාධනය වෙනුවෙන් වෙන කර ඇති මුදලින් අඩු ආදායම්ලාභී ආබාධිත පුද්ගලයින් සඳහා අත්වාරු හා රෝද පුටු ආදිය ග්‍රාම නිලධාරී කාර්යාල තුල ස්ථාපනය කිරීමේ යෝජනා ඇතුලු කාරණා රැසක් පිළිබඳ ද අදහස් ඉදිරිපත් විය.
මෙම අවස්ථාවට වතු ප්‍රතිසංස්කරණ , තේ හා රබර් ආශ්රිත භෝග වගා සහ කර්මාන්ත ශාලා නවීකරණය හා තේ හා රබඒ අපනයන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා, කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනී දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සම සභාපතිනි රාජිකා වික්‍රමසිංහ, කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කලාපීය සහයෝගීතා පිළිබඳ රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය , කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය තිස්ස විතාරණ යන මහත්ම මහත්මින් මෙන්ම පළාත් සභා හා ප්‍රාදේශීය සභා සභාපතිවරුන්, මන්ත්‍රීවරුන් ඇතුලු දිස්ත්‍රික් දේශපාලන අධිකාරිය, සබරගමු පළාත් සභාවේ ලේකම් රංජනී ජයකොඩි, ආණ්ඩුකාරවර ලේකම් ප්‍රභාත් උදාකර, කෑගල්ල දිසාපති/ දිස්ත්‍රික් ලේකම් මහින්ද එස් වීරසූරිය, අතිරේක දිස්ත්‍රික් ලේකම් (පාලන) චරිතා ඉලංගකෝන්, අතිරේක දිස්ත්‍රික් ලේකම් ( ඉඩම් හා සංවර්ධන) දිනීෂා එස් රත්නායක යන මහත්ම මහත්මීන් ඇතුලු මාණ්ඩලික නිලධාරීන් , සියලුම ප්‍රාදේශීය ලේකම්වරුන්, ඒ ඒ රාජය ආයතනවල ප්‍රධානීන් ඇතුලු රාජ්‍ය නිලධාරීන් පිරිසක් එක්ව සිටිය හ.



















