දශක තුනකට වඩා මෙරට වෙලී ගත් රුදුරු ත්‍රස්ථවාදය මෙරටින් මුලිනුපුටා දැමූ රණවිරුවන් සිහිකෙරෙන ජාතික රණවිරු දිනට සමඟාමිව කොඩි පැළඳවීම හා එම කොඩි බෙදා දීමේ අවස්ථාවක් අද (27) දින පස්වරුවේ දී කැගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවනාගාරයේ දි පැවැත්විණි.
මෙම අවස්ථාවට එක් වු සබරගමු පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා සඳහන් කළේ තම දිවි පරදුවට තබමින් ඇස්, ඉස්, මස් දන් දුන් රණවිරුවන් රට රැකීමට උර දුන් අතර එයට කෘත ගුණ සැලකිමක් ලෙස එම පවුල්වල සාමාජිකයින්ගේ සුභසාධන ඉහල නැංවිමට නිරතුරුවම අවධානය යොමු කළ යුතු බව ය.
එහි දි තවදුරටත් අදහස් දැක්වූ ආණ්ඩුකාරතුමා ප්‍රකාශ කළේ කොවිඩ් වසංගතය මර්දනය කිරිම සඳහා දායක වු පිරිස් අතර ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ ද කාර්යභාරය විශේෂයෙන්ම අගය කල යුතු බව යි. තව ද මෙ වන විට රට තුල කොවිඩ් ව්‍යාප්තිය හොඳින් පාලනය වි ඇති අතර එය පවත්වාගෙන යාම ජනතාවගේ වගකිමක් වන අතර ඊට නිසි සෞඛ්‍ය උපදෙස් පිළිපැඳීම ද තරයේ සිදු කල යුතු බව ය.
අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්රමුඛ වත්මන් රජය රණවිරුවන් සඳහා විශේෂ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරන අතර ජාතික රණවිරු දිනට සමඟාමිව මෙම රණවිරු කොඩ් පැළඳවිම හා බෙදා දිම ඔස්සේ ලැබෙන මුදලින් රණවිරු පවුල්වල ජිවන තත්වය උසස් කිරිමට කටයුතු කෙරේ.
මෙම අවස්ථාවට ආණ්ඩුකාරවර ලේකම් ප්‍රභාත් උදාකර , කෑගල්ල දිසාපති /දිස්ත්‍රික් ලේකම් මහින්ද එස් වීරසූරිය, අතිරේක දිස්ත්‍රික් ලේකම් (පාලන) චරිතා ඉලංගකෝන්, අතිරේක දිස්ත්‍රික් (ඉඩම් හා සංවර්ධන) දිනීෂා එස් රත්නායක ඇතුලු මාණ්ඩලික නිලධාරීන්, සියලුම ප්‍රාදේශීය ලේකම්වරුන් ඇතුලු නිලධාරින් පිරිසක් එක්ව සිටිය හ.






















