ලෝක මානසික සෞඛ්‍ය දිනය හා ජාතික උපදේශන දිනයට සමගාමීව පවත්වනු ලබන සතිමත්භාවය හා සංගීත ප්‍රතිකාරාත්මක උපදේශන වැඩ සටහනේ කෑගල්ල දිස්ත්‍රික් වැඩසහන කෑගල්ල දිස්ත්‍රික් මහ රෝහලේදී පසුගියදා පැවැත්විණිි.

මෙම වැඩ සටහන කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය සහ කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ උපදේශන අංශය එක්ව සංවිධානය කර තිබුණි.

මෙම අවස්ථාවට රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ඩබ්ලිව්. එම්. ප්‍රියංගනී, විශේෂඥ මනෝ වෛද්‍ය නිපුණ රණවීර, වෛද්‍ය ප්‍රදීප් දිසානායක, දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ උපදේශන නිලධාරී රේණුකා ජයරත්න යන මහත්ම මහත්මින් ඇතුළු කෑගල්ල මහ රෝහලේ වෛද්‍යවරුන් හා හෙද හෙදියන් ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ.