තාක්ෂණය මත පදනම් වන සමාජයක් සහ ඩිජිටල්කරණය වූ ශ්‍රි ලංකාවක් යන රාජ්‍ය ප්‍රතිපත්ති යටතේ ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොම්ෂන් සභාව විසින් ‘ගමට සන්නිවේදනය’ ව්‍යාපෘතිය ආරම්භ කර ඇත.ඒ යටතේ සමස්ත දිවයිනම ආවරණය වන පරිදි 4G තාක්ෂණය භාවිතා කරමින් විදුලි සංදේශ පහසුකම් පුළුල් කිරිම සඳහා දිවයිනේ සෑම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයකම ග්‍රාම නිලධාරී වසම් හා ගම්මාන ආවරණය වන පරිදි විදුලි සංදේශ හා තොරතුරු සන්නිවේදන පහසුකම් ඇති කිරිම උදෙසා මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරිමට නියමිත ය.
ඒ අනුව එම ව්‍යාපෘතියට අදාල පාර්ශවකරුවන් සම්බන්ධ වු මාර්ගගත හමුවක් අද (15) දින පෙරවරුවේ දි පැවැත්විණි. කෑගල්ල දිස්ත්‍රික්කයම ආවරණය වන පරිදි සන්නිවේදන කුලුණු 380කින් සමන්විත අතර අලුතින් ආරම්භ කිරිමට නියමිත සන්නිවේදන කුලුණු 34 පිළිබඳව මෙහි දි දිර්ඝව සාකච්ඡා කෙරිණි. ඒ අනුව ඩයලොග් ආයතනය හරහා කුළුණු 21ක් , මොබිටෙල් ආයතනයෙන් කුළුණු 08, හච් ආයතයෙන් කුළුණු 03 ක් හා එයාර්ටෙල් ආයතනයෙන් කුළුණු 02 ක් වශයෙන් ඉදි කිරිමට නියමිත කුළුණු සඳහා අවශ්‍ය ඉඩම් හඳුනා ගැනිම , ඒ සම්බන්ධව කටයුතු කිරීමේ දි පැන නඟින ගැටලු අදාල පාර්ශවයන් සමඟ සාකච්ඡා කෙරිිණි.
එම අවස්ථාවට සබරගමු ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව ඇතුලු ප්‍රාදේශීය දේශපාලන අධිකාරිය, විදුලි සංදේශ කොම්ෂන් සභාවේ සභාපති ඕෂධ සේනානායක මහතා ඇතුලු නිලධාරින්, අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම් හා සංවර්ධන) දිනිෂා එස් රත්නායක මහත්මිය ඇතුලු ප්‍රාදේශීය ලේකම්වරුන්, ඩයලොග්, මොබිටෙල්, හච් හා එයාර්ටෙල් ආයතනවල නිලධාරීන් හා මෙම ව්‍යාපෘතියට සම්බන්ධ ආයතනයන්හි නිලධාරීන් ඇතුලු පිරිසක් එක්ව සිටිය හ.

















