කෑගල්ල දිස්ත්‍රික්කයේ ජනතාවගේ පානීය ජල අවශ්‍යතාවයෙන් මේ වන විට 35%ක් ආවරණය වන බවද 2025 වර්ෂයට පෙර සැමට පානීය ජලය ලබා දීමේ වැඩසටහන යටතේ පානීය ජල අවශ්‍යතාවය සම්පූර්ණ කිරිමට කටයුතු කරන බව ග්‍රාමීය හා ප්‍රාදේශිය, පානීය ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා පැවසීය .
රාජ්‍ය අමාත්‍යවරයා මෙසේ පැවසුවේ අද (15) දින පෙරවරුවේ දී කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලිය ශ්‍රවනාගාරයේ දි පැවති කෑගල්ල දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක පානීය ජල ව්‍යාපෘති පිළිබඳව ප්‍රගති සමාලෝචන සාකච්ඡාවකට සහභාගී වෙමිනි.
තවදුරටත් රාජ්‍ය අමාත්‍යවරයා මෙසේ ද පැවසි ය. දිස්ත්‍රික්කයේ පානීය ජල පහසුකම් නො මැති පාසල් සඳහා ජල සැපයුම් සම්බන්ධතා නොමිලේ ඉදිරියේ දි ලබා දිමට කටයුතු කරනවා.ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස මට්ටමින් පානීය ජල අවශ්‍යතා අවශ්‍ය පිරිස් හඳුනාගෙන එම ව්‍යාපෘති ක්‍රියාවට නැංවීමට සුදුසු කමිටු පිහිටුවා එම කමිටු සඳහා අවශ්‍ය තාක්ෂණික පුහුණුව ජල සම්පාදන මණ්ඩලය හරහා ලබා දීමට කටයුතු කරනවා.
එම හමුවේ දි අදහස් දැක් වු කෑගල්ල දිසාපති/දිස්ත්‍රික් ලේකම් මහින්ද එස් වීරසූරිය මහතා සඳහන් කළේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු තීරණයක් ඔස්සේ ජනතාවගේ ජන ජීවිතය නඟා සිටුවීමට ගැටලුවක්ව පවතින ප්‍රධාන ගැටලු දේශපාලන අධිකාරිය රාජ්‍ය නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් ගත් තීරණයකට අනුව අද මෙම සාකච්ඡාව පැවැත්වීමට කටයුතු කල බව ය.
මෙම සාකච්ඡාවේ දි දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක ජල ව්‍යාපෘති, සැමට පානිය ජලය ලබා දිමේ වැඩසටහන, විදේශ ආයෝජන මත ක්‍රියාත්මක ජල ව්‍යාපෘති, නැවත පදිංචි කිරිම් සිදු කල ගම්මානවල පවතින ජල ගැටලු, විසල් ජල යෝජනා ක්‍රම පිළිබඳ, ප්‍රජා ජල සැපයුම් දෙපාර්තමේන්තුව මඟින් ක්‍රියාත්මක ජල ව්‍යාපෘති යනාදි කාරණා පිළිබඳව අවධානය යොමු කෙරිණි.
මෙම අවස්ථාවට වැවිලි කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය කනක හේරත්, කලාපීය සහයෝගීතා රාජය අමාතය තාරක බාලසුරිය, දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සම සභාපතිනිි රාජිකා වික්‍රමසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රී උදයකාන්ත ගුණතිලක මහතා ඇතුලු ප්‍රාදේශිය දේශපාලන අධිකාරිය, අතිරේක දිස්ත්‍රික් ලේකම් (පාලන) චරිතා ඉලංගකෝන්, අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම් හා සංවර්ධන) දිනීෂා එස් රත්නායක යන මහත්මීන් , ප්‍රාදේශිය ලේකම්වරුන්, ජල සම්පත් මණ්ඩලය, ප්‍රජා ජල සැපයුම් දෙපාර්තමේන්තුව, මාර්ග සංවර්ධන අධිකාරිය ඇතුලු අදාල ආයතනවල නිලධාරින් පිරිසක් එක්ව සිටිය හ.




















