කොරෝනා වසංගත තත්වය තුල ළමුන් නිවෙස්වල ගත කළ කාලය තුල ළමා අපචාර හා මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි විමේ වැඩි ප්‍රවණතාවයක් දැකිය හැකි බව කෑගල්ල දිසාපති/දිස්ත්‍රික් ලේකම් මහින්ද එස් වීරසූරිය මහතා සඳහන් කළේ ය.


කෑගල්ල දිසාපතිවරයා මෙසේ සඳහන් කළේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවනාගාරයේ දි පැවති දිස්ත්‍රික් ළමා හා කාන්තා සංවර්ධන කමිටුවට සහභාගී වෙමිනි.


තවදුරටත් අදහස් පල කළ දිසාපතිවරයා කෑගල්ල දිස්ත්‍රික්කයේ ළමා අපචාර හා අපයෝජන වාර්තා විම් වසරින් වසර ඉහළ යාම කණගාටුවට කරුණක් බව යි. මෙම තත්වය අවම කර ගැනීම සඳහා දෙමාපියන් හා දරුවන් දැනුවත් කිරීමේ වැඩසටහනක් 2022 වර්ෂයේ දී ක්‍රියාත්මක කිරීමට සැලසුම් කරනා බව ය.


මෙම කමිටු රැස්වීමට සහභාගි වූ කෑගල්ල මහ රෝහලේ ලිංගාශ්‍රිත රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ශ්‍යාමා සෝමවර්ධන මහත්මිය සඳහන් කළේ ලිංගාශ්‍රිත රෝග සඳහා පැවැත්වෙන සායනයේ දි ළමුන් 2019 වර්ෂයේ දි 19ක, 2020 වසරේ 35ක හා 2021 වසරේ 54ක් දෙනෙකු ප්‍රතිකාර සඳහා පැමිණි බව ය. කොරෝනා වසංගත නිසා නිවෙස්වලටම වි සිටිමට දරුවන්ට සිදු විම මෙන්ම පවුලේ සාමාජිකයින්, නෑදැයින්, තමන් දන්නා හඳුනන සමීප හිතවතුන් හා ප්‍රේම සම්බන්දතා ද ළමා අපචාර සඳහා හේතු වී ඇති බව යි. මේ තත්වයන් අවම කිරිමට දරුවන් මෙන්ම දෙමාපියන් ද දැනුවත් කිරිම වඩාත් ප්‍රායෝගික විසඳුම වන බව ය.


මෙහි දි පාසල් නොයන දරුවන් පාසල් ගත කිරිම , දරුවන්ගේ පෞරුෂ සංවර්ධනය හා කොව්ඩ් තත්වය නිසා දරුවන් මුහුණ දෙන ගැටලු, සුරක්ෂිත පවුල් පසුබිමක් නිර්මාණය කිරිම, ළමා නිවාස ගත දරුවන්ගේ සෞඛ්‍ය, පෝෂණය, භාරය හා ආරක්ෂාව, මත්ද්‍රව්‍ය නිවාරණය, ළමා ශ්‍රමය තුරන් කිරිම සම්බන්ධවද කරුණු සාකච්ඡා කෙරිණි.


මෙම අවස්ථාවට දිස්ත්‍රික් අතිරේක ලේකම් ( පාලන) චරිතා ඉලංගකෝන්, අතිරේක දිස්ත්‍රික් ලේකම් ( ඉඩම් හා සංවර්ධන) දිනීෂා එස් රත්නායක, සහකාර දිස්ත්‍රික් ලේකම් මල්ෂා එල් ප්‍රියදර්ශනී, ප්‍රාදේශිය ලේකම්වරුන්, ළමා හා කාන්තා කාර්්‍යංශයේ ස්ථානාධිපති නිරෝෂා මුල්ලේගංගොඩ, කෑගල්ල දිස්ත්‍රික් විශේෂඥ මනෝ වෛද්‍ය නිපුන රණවක, සීතාවක මහත්මීන් ,සීතාවක කොට්ඨාස භාර සහකාර පොලිස් අධිකාරි රසික රත්නායක යන මහත්ම මහත්මීන්, දිස්ත්‍රික් අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලයේ දිස්ත්‍රික් සම්බන්ධකාරික , ප්‍රාදේශිය ළමා හා කාන්තා නිලධාරීන් ඇතුලු පිරිසක් එක්ව සිටිය හ.