ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම් ඒකකය, බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශය හා දිස්ත්‍රික් බෞද්ධ කටයුතු අංශය එක්ව සංවිධානය කෙරුණු දහම් පාසල් ගුරුවරු ගුරුවරියන් සඳහා “මත්ද්‍රව්‍ය නිවාරණ” පුහුණු වැඩසටහනක් අද (25) දින පෙරවරුවේ දී දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවනාගාරයේ දිී පැවැත්විණි.
මෙම දැනුවත් කිරීමේ වැඩසටහන සඳහා කෑගල්ල දිස්ත්‍රික්කයේ තෝරාගත් දහම් පාසල් කිහිපයක ගුරුවරු ගුරුවරියන් පිරිසක් සහභාගිවී සිටිහය.
ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම් ඒකකයේ උපදේශක ශාස්ත්‍රපති දෙනගම ධර්මාරාම නාහිමියන් මෙහිදී පැවසුවේ මත්ද්‍රව්‍ය නිවාරණය සහ උපදේශනය සම්බන්ධව සිදුකෙරෙන වැඩසටහන්වල කෑගල්ල දිස්ත්‍රික් වැඩසටහන ආරම්භ කරන බවයි. මෙම වසරේ විවිධ ක්ෂේත්රයන් ඔස්සේ මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන් ක්‍රියාත්මක කළ අතර මූලික වශයෙන් ආගමික නායකයින් උපදේශකයින් වශයෙන් පුහුණු කළ අතර දහම් පාසල් ගුරුවරු ගුරුවරියන් දැනුවත් කිරීමේ මෙම වර්ෂයේ අවසාන වැඩසටහන මෙය වන බවයි.
අද ලංකාව පුරාම මත්ද්‍රව්‍ය හා දුම්වැටි භාවිතය නිසා රටම මහත් ව්‍යවසනකාරී තත්වයකට පත්ව තිබෙනවා.එම තත්වයෙන් මුදාගැනීම සඳහා සියලුදෙනාම එකාවන්ව කටයුතු කළයුතු කාලය එළඹ තිබෙනවා. ඉතිහාසය දෙස බලන විට ව්‍යවසනකාරී අභියෝගවලට මුහුණ දීමට සිදුවී තිබෙනවා. විශේෂයෙන්ම මත්ද්‍රව්‍ය භාවිතය සම්බන්ධව අපේ රටට පමණක් නොව ලෝකයටම බලපා තිබෙන ගැටලුටක් බවද ඒ් සඳහා දැනුවත් කිරීම් සිදුකිරීම අත්‍යවශයෙන්ම වියයුතු බව ද උන්වහන්සේ මෙහිදී පැවසුුහ.
ජාතික මත්ද්‍රව්‍ය මෙහෙයුම් ඒකකයේ සම්බන්ධීකාරක හා ජාතික අමද්‍යප සංගමයේ උප සභාපති එන්.ආර්.අමරසිංහ මහතා මෙහිදී සඳහන් කළේ දහම් පාසල් දරුවන්ට මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබඳ දැනුවත් කිරීම මූලික අරමුණින් මෙය දිවයින පුරා ක්‍රියාත්මක කෙරෙන වැඩසටහනක් වන බවයි. මේ පිළිබඳව දහම් පාසල් දරුවන් දැනුවත් කිරීමට පෙර දෙමව්පියන් දැනුවත් කිරීමට කටයුතු කළයුතු බව ද සඳහන් කළේය.
මෙම අවස්ථාවට මනෝවිද්‍යා උපදේශක නිමාලි ප්‍රියංගිකා මහත්මිය, දිස්ත්‍රික් බෞද්ධ කටයුතු සමායෝජක ඇතුලු නිලධාරීන් සහ දහම් පාසල් ගුරුවරු ගුරුවරියන් පිරිසක් සහභාගි වී සිටියහ.





















