කෑගල්ල දිසාපති/දිස්ත්‍රික් ලේකම් මහින්ද එස්. වීරසූරිය මහතාගේ උපදෙස් හා මඟපෙන්වීම යට‍තේ කෑගල්ල දිස්ත්‍රික් සුනාමි සැමරුම් වැඩසටහන අද (26) දින දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී හා වෑවලදෙනිය විහාරස්ථානයේදී පැවැත්විණි.


මෙහිදී සුනාමි ව්‍යවසනයෙන් ජීවිත අහිමිවූ පිරිස සිහිපත් කරමින් විනාඩි දෙකක නිහැඩියාවක් ද ජාතික ධජය අඩකුඹු කිරීම හා පහන් දල්වා පින් අනුමෝදන් කිරීමද සිදුවිය.


මෙම මහා ඛේදවාචකය සිදුවූ දෙසැම්බර් 26 දින සමරනු වස් විවිධ වැඩසටහන් ආපදා කළමණාකරණ අමාත්‍යාංශය මගින් දිවයින පුරා ක්‍රියාත්මක කෙරේ. ඒ අතර විපත‍‍ට පත්වුනු ජනතාවට පිං අනුමෝදන් කිරිම සඳහා බෝධි පූජා පැවැත්විම හා සිහිකිරිම් සැමරිම ප්‍රධාන වෙයි.


මෙම වැඩසටහන දිස්ත්‍රික් ආපදා කළමණාකරණ ඒකකය මගින් සංවිධානය කර තිබිණි.


මෙම අවස්ථාවට එක්වූ දිස්ත්‍රික් ආපදා කළමණාකාර සහකාර අධ්‍යක්ෂ අනුෂ්ක චමිල මහතා සඳහන් ක‍ළේ, ශ්‍රි ලාංකීය ජනජීවිතය කඩා වැටිමට මෙම ව්‍යසනය යම්තාක් දුරකට හේතු වු අතර එම තත්වයෙන් මිදීමට ජාතික ප්‍රතිපත්තීන් ද ක්‍රියාත්මක කිරීමට සිදුවුනු බව සඳහන් කළේය.


මෙ‍ම බෝධි පූජා පිංකම හබරව ශාසනතිලක ස්වාමීන් වහන්සේ විසින් සිදුකළ අතර මෙම අවස්ථාවට කෑගල්ල අතිරේක දිස්ත්‍රික් ලේකම් (පාලන) චරිතා ඉලංගකෝන්, අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම් හා සංවර්ධන) දිනීෂා එස්. රත්නායක, කෑගල්ල ප්‍රාදේශිය ලේකම් කේ.ජී.එස්. නිශාන්ත, සහකාර දිස්ත්‍රික් ලේකම් මල්ෂා එල්.ප්‍රියදර්ශනී, දිස්ත්‍රික් සමෘද්ධි අධ්‍යක්ෂ ටි.ඒ.පි. කුසුම්සිරි යන මහත්ම මහත්මීන් ද දිස්ත්‍රික් ආපදා කළමණාකරණ ඒකකය, දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නිලධාරින් සහ ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.