සූ සැට කලාවක කෑගලු ප්‍රත්‍යාවලෝකනය කලා විභාෂි -2021 දිස්ත්‍රික් සාහිත්‍ය මහෝත්සවය (29) දින පස්වරුවේ දී කෑගලු විද්‍යාලීය ශ්‍රවනාගාරයේ දි පැවැත්විණි.
එහිදී කෑගල්ල දිසාපති/ දිස්ත්‍රික් ලේකම් මහින්ද එස් විරසූරිය මහතාගේ සංකල්පයක් පරිදි රුපියල් 50,000 බැගින් විශේෂ කලාකරු ආධාර කලාකරුවන් දෙදෙනෙකු සඳහා පිරිනැමූ අතර කලාකරුවන් සඳහා දිස්ත්‍රික්කයේ ලබා දෙන ඉහලම ගෞරවය දිසාපති ප්‍රසාද අභිනන්දන සම්මාන දිස්ත්‍රික්කයේ ප්‍රවීණ කලාකරුවන් 05 දෙනෙකු වෙත පිළිගැන්වීම සිදුකෙරිණි.
2020 හා 2021 වර්ෂවලදි පැවති දිස්ත්‍රික් සාහිත්‍ය තරඟාවලියේ ජයග්රාහකයින්ට සහතික හා ත්‍යාග ලබා දුන් අතර 2021 වසරේ දී පැවති බැති ගී රචනා තරඟයේ ජයග්රාහකයින්ට ත්‍යාග හා සහතිකපත් ලබා දිමද සිදු කෙරිණි.
මෙම අවස්ථාවට දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සම සභාපතිනි රාජිකා වික්‍රමසිංහ, හිටපු අමාත්‍ය ජගත් බාලසූරිය , දිස්ත්‍රික් ලේකම් මහින්ද එස් වීරසූරිය, අතිරේක දිස්ත්‍රික් ලේකම් (පාලන) චරිතා ඉලංගකෝන්, අතිරේක දිස්ත්‍රික් ලේකම් ( ඉඩම් හා සංවර්ධන) දිනීෂා එස් රත්නායක, සහකාර දිස්ත්‍රික් ලේකම් මල්ෂා එල් ප්‍රියදර්ශනී යන මහත්ම මහත්මීන් ඇතුලු මාණ්ඩලික නිලධාරීන්, සිසු දරු දැරියන්, දෙමාපියන් හා දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නිලධාරීන් එක්ව සිටිය හ.









































