මිහිරි හා අමිහිරි මතකයන් මැද ගෙවුණු වසර දෙකක අභියෝගාත්මක කාල පරාසයකින් පසුව 2022 නව වසරේ රාජ්‍ය සේවකයින් නිල වශයෙන් තම සේවා කටයුතු ආරම්භ කිරිම අද (03) දින පෙරවරුවේ දී සිදු විය.


ඒ අනුව කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නිලධාරින් සෙත් පිරිත් සඡ්ඡායන මධ්‍යයේ තම රාජකාරි කටයුතු ඇරඹිම සිදු කළ අතර රාජ්‍ය සේවක ප්‍රතිඥාව ලබා දීමෙන් අනතුරුව දිසාපති/දිස්ත්‍රික් ලේකම් මහින්ද එස් වීරසූරිය මහතා තම නිලධාරීන් අමතා නව වසරට සුභ පැතුම් එක් කළේ ය.


මෙහි දි දිස්ත්‍රික් වසංගත රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය සූජීව බණ්ඩාර මහතා විසින් සෞඛ්‍ය මාර්ගෝපදේශනයන්ට අනුකූලව ඉදිරි කාලය තුල සේවා කටයුතු සිදු කරනා ආකාරය පිළිබඳ දැනුවත් කරන ලදි.


මෙම අවස්ථාවට අතිරේක දිස්ත්‍රික් ලේකම් (පාලන) චරිතා ඉලංගකෝන්, අතිරේක දිස්ත්‍රික් ලේකම් ( ඉඩම් හා සංවර්ධන) දිනීෂා එස් රත්නායක යන මහත්මින් ඇතුලු මාණ්ඩලික නිලධාරින් හා දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය නිලධාරීන් ඇතුලු පිරිසක් එක්ව සිටිය හ.