2021 වසරේ සමාජ ආරක්ෂණ විශ්‍රාම වැටුපට දායක වු ප්‍රතිලාභීන් 10 දෙනෙකු වෙත හා 2021 වසරේ 5 වසර ශිෂ්‍යත්වය සමත් සිසුන් 04 දෙනෙකු වෙත චෙක්පත් ප්‍රදානය කිරිමක් අද(03) දින පෙරවරුවේ දි දිසාපති/දිස්ත්‍රික් ලේකම් මහින්ද එස් විරසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.
මෙම අවස්ථාවට අතිරේක දිස්ත්‍රික් ලේකම් (පාලන) චරිතා ඉලංගකෝන් මහත්මිය හා දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සමාජ ආරක්ෂණ අංශයේ නිලධාරීන් පිරිසක් එක්ව සිටිය හ.


















