×

Message

Invalid Page Request

කෑගල්ල දිස්ත්‍රික්කයේ පවතින එකම ක්‍රීඩා පාසල වන තෝලංගමුව ඩඩ්ලි සේනානායක මධ්‍ය විද්‍යාලය රටට වැඩදායී පුරවැසියන් බිහි කරනා දිවයිනේ ප්‍රසිද්ධ පාසලකි. ග්‍රාමිය හා පාසල් යටිතල ක්‍රීඩා පහසුකම් ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යංශය මඟින් ක්‍රීඩා පාසල් සංවර්ධනය කිරීමේ වැඩසටහන - 2022 යටතේ තෝලංගමුන මධ්‍ය විද්‍යාලය සංවර්ධනය කිරිම සඳහා තෝරා ගෙන ඇති අතර රුපියල් මිලියන 25ක් ඒ සඳහා ප්‍රතිපාදන ලෙස වෙන් කර ඇත.


මෙම ව්‍යාපෘතිය ත්‍රිවිධ හමුදාව විසින් ඇස්තමේන්තු සකස් කර , හමුදාවේ ශ්‍රම දායකත්වයෙන් , දිස්ත්‍රික් ලේකම් කාර්යාලයෙන් භාණ්ඩ හා අමුද්‍රව්‍ය මිලදි ගැනිම ඔස්සේ සිදු කිරිමට නියමිත ය. ඒ අනුව උක්ත කාර්ය විධිමත්ව සිදු කිරිම සඳහා ව්‍යාපෘතිය කර ගෙන යාමේ දි මතු වන ගැටලු හඳුනා ගෙන ඒවා සාකච්ඡා කර කඩිනමින් එම සංවර්ධන කටයුතු සිදු කිරීම සඳහා මෙහෙයුම් කමිටුවක් පත් කිරිම කෑගල්ල දිසාපති/දිස්ත්‍රික් ලේකම් මහින්ද එස් වීරසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් අද (04) වන දින පස්වරුවේ දි දිස්ත්‍රික් ලේකම් කාර්යාලිය ශ්‍රවනාගාරයේ දි පැවැත්විණි.


ඒ අනුව එම විද්‍යාලයේ බාලක බාලිකා නේවාසිකාගාර වැසිකිළි හා ජල පද්ධති හා භෞතික පහසුකම් අලුත්වැඩියාව, පිහිනුම් තටාකයේ ආරක්ෂිත වැටක් ඉදි කිරිම, ක්‍රීඩා පිටිය අවට ජලපවාහන පද්ධතිය ප්‍රතිසංස්කරණය ප්‍රමුඛ අවශ්‍යතා යෝජනාවලියක් ඉදිරිපත් වි ඇති අතර මෙම සතිය තුල අදාල මෙහෙයුම් කමිටු නිලධාරින් විසින් කේෂත්‍ර පරික්ෂාවක් සිදු කිරීමෙන් අනතුරුව ජනවාරි මස 31 වන දිනට පෙර ඇස්තමේන්තු සැකසිමට නියමිත ය.


මෙම අවස්ථාවට අතිරේක දිස්ත්‍රික් ලේකම් ( පාලන) චරිතා ඉලංගකෝන්, අතිරේක දිස්ත්‍රික් (ඉඩම් හා සංවර්ධන) දිනීෂා එස් රත්නායක, දිස්ත්‍රික් සැලසුම් අධ්‍යක්ෂ ඒ.ඒ වීරකෝන්, ප්‍රධාන ගණකාධිකාරි නිල්මල්ගොඩ, වරකාපොල ප්‍රාදේශිය ලේකම් රංගන සජිව, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ එස්.ඒ අමරසේකර, යුධ හමුදා බ්‍රිගේඩියර් එල්.බී උඩෝවිට යන මහත්ම මහත්මින්, තෝලංගමුව ඩඩ්ලි සේනානායක මධ්‍ය විද්‍යාලයේ විදුහල්පතිතුමන් හා විද්‍යාලීය සංවර්ධන කමිටු නිලධාරීන්, දිස්ත්‍රික් සැලසුම් අංශය හා දිස්ත්‍රික් ක්‍රීඩා අංශයේ නිලධාරීන් , යුධ හමුදාවේ නිලධාරීන් ඇතුලු පිරිසක් එක්ව සිටිය හ.