හින්දු දින දර්ශනයට අනුව නව අවුරුද්දක උදාව සනිටුහන් කෙරෙමින් පසුගිය 14 වන දා ආරම්භ වූ තෛපොංගල් උත්සවය සිහිපත් කරමින් අද (19) දින කෑගල්ල දිසාපති/දිස්ත්‍රික් ලේකම් මහින්ද එස් වීරසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් තෛපොංගල් සැමරුම් උත්සවයක් පැවත්විණි.


කෝලම් රටා අදිමින්, සුවිශේෂි පොංගල් බත සකස් කෙරෙමින් , දේව ආශිර්වාදය ලබා ගැනීම සඳහා පූජා පවත්වමින් තෛපොංගල් උත්සවය අද පෙරවරුවේ සැමරූ අතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ කාර්ය මණ්ඩලයේ සියළු දෙනාට පොංගල් බත රස විඳීමේ අවස්ථාව ද උදා විය.


පිරිසුදු බව, කෘතවේදීත්වය, සෞභාග්‍ය , සතුට සහ සමගිය උදාකරවන තෛපොංගල් උත්සවය අනාදීමත් කාලයක සිට දෙමළ හින්දු ජනයා ඉතා උත්සවාකාරයෙන් සමරණ උත්සවයකි. අස්වැන්න නෙලීමේ මංගල්‍යය යන අරුතින් හඳුන්වන තෛපොංගල් උත්සවය සෑම වසරකම ජනවාරි මාසයේ පළමු සති තුන තුළ පැවැත් වේ.


සියළු දෙනාටට සෞභාග්‍ය පිරුණු තෛපොංගල් මංගල්‍යයකට සුබ පැතුම් එක් කරන බව කෑගල්ල සහකාර දිස්ත්‍රික් ලේකම් මල්ෂා එල් ප්‍රියදර්ෂණි මහත්මිය මෙහිදී සඳහන් කලය.


කෑගල්ල ශාන්ත මරියා දමළ විද්‍යාලෙය් සිසුවියන් විසින් ඉදිරිපත් කල නර්තනෙයන් ෙමම අවස්ථාව විචිත්‍රවත් විය.


දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දිස්ත්‍රික් සංස්කෘතික නිලධාරී පද්මිණි වික්‍රමලතා මහත්මිය ඇතුළු සංස්කෘතික අංශය සහ දිස්ත්‍රික් වැඩිහිටි ප්‍රවර්ධන නිලධාරී ඩිලානි කුමාරි මහත්මිය ඒකාබද්ධ වී මෙම තෛපොංගල් සැමරුම් උත්සවය සංවිධානය කර තිබිණි.


මේ අවස්ථාව සඳහා කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ මාණ්ඩලික නිලධාරීන් , කෑගල්ල ශාන්ත මරියා ෙදමළ විද්‍යාලෙය් විදුහල්පතිතුමන් අැතුළු දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් රැසක් සහභාගී වූහ.