2022 වසරේ දිස්ත්‍රික් වැඩිහිටි බල මණ්ඩලය මඟින් ක්‍රියාත්මක කිරිමට නියමිත වැඩසටහන් පිළිබඳ හමුවක් අද (24) දින පෙරවරුවේ දි දිස්ත්‍රික් ලේකම් කාර්යාලිය ශ්‍රවනාගාරයේ දි පැවැත්විණි.
අපගේ වැඩිහිටි ප්‍රජාව සතු දැනුම , හැකියාව මතු පරපුරට උරුම කර දිම අප සැමගේ වගකිම බවත් ඒ සඳහා පැහැදිලි ක්රමවේදයක අවශ්‍යතාවය මතු වන බවත් මේ අවස්ථාවට එක් වෙමින් අතිරේක දිස්ත්‍රික් ලේකම් (පාලන) චරිතා ඉලංගකොන් මහත්මිය පැවසි ය.
දිස්ත්‍රික් ලේකම් කාර්යාලය හා වැඩිහිටි මහ ලේකම් කාර්යාලය එක්ව 2022 වසරේ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරිමට නියමිතයි. ඒ යටතේ වයස අවුරුදු 70 ට වැඩි වැඩිහිටියන් සඳහා රුපියල් 2000.00 ක හා වයස අවුරුදු 100ට වැඩි වැඩිහිටියන් සඳහා රු 5000.00 ක දිමනාවක්, වැඩිහිටියන් සඳහා ස්වයං රැකියා ආධාර සඳහා රු 30,000.00 ක මුදලක්, හොඳම වැඩිහිටි සංවිධාන 33ක් සඳහා උපකරණ ලබා දිම, සුව පහසු මූල්‍යාධාර යෝජනා ක්‍රමය යටතේ නිවස තුල ජිවත් විමට පහසුකම් අහිමි පිරිස් වෙනුවෙන් ආධාර ලබා දිම, වැඩිහිටි නිවාස ආධාර හා වියළි ආහාර ලබා දිම, දිරිය පියස නිවාස යෝජනා ක්‍රමය යටතේ දිස්ත්‍රික්කය තුල නිවාස දෙකක් ඉදි කිරිම සඳහා අවස්ථාව ලබා දීම, වැඩිහිටි දිවා මධ්‍යස්ථාන ඉදි කීරීම හා ඊට අවශ්‍ය ද්‍රව්‍යාධාර ලබා දිම, වැඩිහිටි වන්දනා චාරිකා සංවිධානය, ශ්‍රවන උපකරණ ලබා දිම ආදිය ක්‍රියාත්මක කිරිමට අපේක්ෂිත ය.
මේ හා සමඟාමිව දිස්ත්‍රික් වැඩිහිටි බල මණ්ඩලය මඟින් ක්‍රියාත්මක කරන දැනුම මිනුම, ගායනා, නැටුම , චිත්‍ර වැනි තරඟ ග්‍රාමිය හා ප්‍රාදේශීය හා දිස්ත්‍රික් මට්ටමින් ක්‍රියාත්මක කිරිමත්, වන්දනා චාරිකා සංවිධානය කිරිමත්. සඟරාවක් එළි දැක්විම, වෙළඳ ප්‍රදර්ශනයක් පැවැත්විම වැනි කටයුතු පිළිබඳව ද මෙහි දි සාකච්ඡා කෙරිණි.
මෙම අවස්ථාවට සබරගමු පළාත් සභාවේ පරිවාස, ළමාරක්ෂක හා සමාජ සේවා දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂක චතුරිකා ප්‍රේමරත්න, සහකාර දිස්ත්‍රික් ලේකම් මල්ෂා එල් ප්‍රියදර්ශනී, දිස්ත්‍රික් වැඩිහිටි නිලධාරිනී ඩිලානි කුමාරි, දිස්ත්‍රික් සමාජ සේවා නිලධාරි රන්දෙණිය යන මහත්ම මහත්මින් ඇතුලු දිස්ත්‍රික් වැඩිහිටි බල මණ්ඩල නිලධාරින් ඇතුලු පිරිසක් එක්ව සිටිය හ.


















