මිනිස්බල හා රැකී රක්ෂා දෙපාර්තමේන්තුව, කෑගල්ල දිස්ත්රික් ලේකම් කාර්යාලය හා එක්ව දිස්ත්රික්කයේ සේවා වියුක්තිය අවම කරවීම සඳහා විවිධ වැඩ සටහන් සංවිධානය කර ක්රියාත්මක කරනු ලබයි.
මෙයට සමගාමීව රැකියා විරහිත තරුණ තරුණියන් පෞද්ගලික අංශයේ රැකියා සඳහා යොමු කිරිමේ වැඩ සටහනක් අද (26) පෙරවරුවේදී දිස්ත්රික් ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.
දිස්ත්රික්කයේ මෙන්ම ඉන් පරිබාහිර ප්රමුඛ පෙලේ පෟද්ගලික අංශයේ රැකියා සපයන Nolimit, DSI Company, Testa Bake house, Softlogic Company, Royal Fernwood Porcilane යන ආයතනයන් මේ අවස්ථාව සඳහා එක් විය. එම ආයතනයන්හි පුරප්පාඩු සඳහා අද දිනයේදීම බදවා ගැනිමේ සම්මුඛ පරීක්ෂණ පැවැත්වීමද සිදු කෙරිණි.
මෙම අවස්ථාව දිස්ත්රික් රැකියා ප්රවර්ධන අංශය විසින් සංවිධානය කර තිබුණි.
මේ අවස්ථාව සඳහා රැකියා අපේකෂිත රැකියා විරහිත තරුණ තරුණියන් විශාල පිරිසක් එක්ව සිටිහ.



















