කෑගල්ල දිස්ත්‍රික් නිවාස සංවර්ධන අධිකාරිය විසින් ක්‍රියාත්මක වැඩ සටහන් වල ප්‍රගතිය විමසා බැලෙන දිස්ත්‍රික් නිවාස කමිටුව දිස්ත්‍රික් ලේකම් / දිසාපති මහින්ද එස්. වීරසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් අද (27) දින පැවැත්විණි.
"ඔබට ගෙයක් රටට හෙටක් නිවාස ආධාර වැඩ සටහන - 2020 "යටතේ නිවාස 408 ක ඉදිකිරිම් මේ වන විට අවසන් කර ඇත. ඔබට ගෙයක් රටට හෙටක් නිවාස ආධාර වැඩ සටහනේ- 2021 යටතේ වසම් 573 ක නිවාස 487 ක් අනුමතව ඇති අතර 362 ක වැඩ ආරම්භ කර මේ වන විට ඉන් නිවාස 120 ක වැඩ අවසන්ය.
"ඔබට ගෙයක් ණය වැඩ සටහන'' යටතේ ආරම්භයක් ලෙස 2020 වසරේ නිවාස 200 ක සදහා ණය ලබා දී ඇති අතර අභ්‍යන්තර උත්පාදන යටතේ නිවාස 58 ක් වෙනුවෙන් ණය ලබා දිමට කටයුතු කර ඇත. ඔබට ගෙයක් ණය වැඩ සටහන යටතේ 2020 භාණ්ඩාගාර මුදල් යටතේ නිවාස 142 ක් වෙනුවෙන් ණය ලබා දීමට කටයුතු කර ඇති නිවාස 140 ක වැඩ මේ වන විට අවසන්ය,
.
"මිහිදු නිවාස වැඩ සටහන" යටතේ නිවාස සංවර්ධන අධිකාරිය වෙත නිවාස 53 යොමු කර ඇති අතර ඉන් නිවාස 38 ක් සදහා අනුමැතිය ලැබී ඇත.
ඉන්දියානු ආදාර වැඩ සටහන යටතේ දෙහිඹිවිට ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ වල්පොල නිවාස 24 කින් යුතුව මෙම වැඩ සටහන ආරම්භ කර ඇති අතර දැනට නිවාස 9 ක් සම්පුර්ණයෙන් වැඩ අවසන් කර ඇත.
සමෘද්ධි දෙපාර්තමේන්තුව මගින් ක්‍රියාත්මක කරනු ලබන සෞභාග්‍ය විශේෂ නිවාස වැඩ සටහන යටතේ නිවාස 54 ක් සදහා අනුමැතිය ලැබීඇත.
මේ අවස්ථාව සඳහා අතිරේක දිස්ත්‍රික් ලේකම් (පාලන) චරිතා ඉලංගකොන්, අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම් හා සංවර්ධන) දිනිෂා එස් රත්නායක, දිස්ත්‍රික් සැලසුම් අධ්‍යක්ෂ ඒ් ඒ්. වීරකෝන්, දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්‍යක්ෂ මංජුල පින්නලන්ද , සහකාර දිස්ත්‍රික් ලේකම් මල්ෂා එල් ප්‍රියදර්ශනී, නිවාස සංවර්ධන අදිකාරියේ කෑගල්ල දිස්තිුක් කළමනාකරු කරුණාසිංහ යන මහත්ම මහත්මීන් , ප්‍රාදේශීය ලේකම්වරුන් ඇතුලු පිරිසක් එක්ව සිටිය හ.

















