සුළු පරිමාණ කොම්පොස්ට් නිෂ්පාදකයන්ගේ නිෂ්පාදන මිලදි ගැනීම , ගුණාත්මක තත්වය ඉහල නැංවීම, සංවිධානගත කිරිම අරමුණු කර ගනිමින් අද (11) පෙරවරුවේදි දිස්ත්‍රික් පොහොර මෙහෙයුම් කමිටුව රැස්විණි.
කාබනික ඝණ කොම්පොස්ට් පොහොර දිස්ත්රිත් මට්ටමින් මිලදි ගැනීම සදහා ඉදිරියේදි අවශ්‍ය කටයුතු සම්පාදනය කරන බව මේ අවස්ථාවට zoom ඹස්සේ එක් වෙමින් කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශෂින්ද්‍ර රජපක්ෂ මහතා පැවසී ය.
වැඩිදුරටත් අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යතුමන් පවසා සිටියේ දිස්ත්‍රික්කයේ නිෂ්පාදිත කාබනික පොහොර ප්‍රමාණයන්, ප්‍රවාහනය හා ගබඩා කරගන්නා ආකාරය , ගොවීන් නිවැරදි ලෙස පෙහොර භාවිතා කරන්නේ කෙසේද යන්න හා ඒ් සම්බන්ධයෙන් ඇතිවන ගැටලු පිළිබඳ තිරණ ගැනිමට මෙම නව දිස්ත්‍රික් පොහොර මෙහෙයුම් කමිටුවට බලතල හිමි බවත් ය.
එක් එක් දිස්ත්‍රික්කයන් කාබනික පොහොර නිෂ්පාදනයේදි පැන නැගී ඇති ගැටලු පිළිබදව රාජ්‍ය අමාත්‍යවරයා සමග අදහස් දැක්වීමක්ද zoom ඹස්සේ මෙහිදි සිදු කෙරිණි.
හෙට දවසේ රට භාර දෙන අපේ දූ දරුවන්ට වස විසෙන් තොර ආහාර ලබා දිම වෙනුවෙන් කාබනික වගාවන් සදහා උර දෙන කොම්පොස්ට් නිෂ්පාදිත ගොවියන්ට , අතිරේක දිස්ත්‍රික් ලේකම්(ඉඩම්) දිනීෂා ඒස් රත්නායක මහත්මිය සුභාෂිංශන එක් කලා ය.
කොම්පොස්ට් නිෂ්පාදනය කරන ගොවීන්ගේ නිෂ්පාදනවල ප්‍රමිතිය පරික්ෂා කර ඒවා මිලදි ගැනීමට හරිත කෘෂිකර්ම බලකායේ දිස්ත්‍රික් නියෝජිතයන් වශයෙන් උපරිම සහයෝගය ලබා දෙන බව මේ අවස්ථාවට එක් වෙමින් දිස්ත්‍රික් සමිබන්ධිකරණ නිලධාරී ඒල්.ඒ්. ජේ. ඒල්. බී. උඩෝවිට මහතා පැවසීය.
මේ අවස්ථාව සදහා කෑගල්ල ගොවිජන සංවර්ධන නියෝජ්‍ය කොමසාරිස් කළණ ජයනන්දන, පළාත් නියෝජ්‍ය කෘෂි කර්ම අධ්යක්ෂ නිල්මා රාජපක්ෂ, සහකාර පොහොර අධ්යක්ෂ කේ. පි. ආර්. පද්මනිල් , සහකාර පොහොර අධ්යක්ෂ ඒම් මධුර යන මහත්ම මහත්මින් හා පොහොර සමාගම් වල නියෝජිත මහතුන්, යුධ හමුදා නිලධාරින් , කෘෂි කර්ම නිලධාරීන් , කොම්පොස්ට් ගොවි මහතුන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට ඒක් විය.

























