‘ගම සමඟ පිළිසඳර’ වැඩසටහනට සමඟාමිව ක්‍රියාත්මක කෙරෙන 'අය වැයෙන් වැඩ ලක්ෂයක් 'වැඩසටහන යටතේ කෑගල්ල දිස්ත්‍රික්කය තුල වසමකට ව්‍යාපෘති 07 බැගින් සංවර්ධන ව්‍යාපෘති 4011ක් ක්‍රියාත්මක කිරිමට සැලසුම් කර ඇති බව කෑගල්ල දිසාපති/දිස්ත්‍රික් ලේකම් මහින්ද එස් වීරසූරිය මහතා පවසයි.
ඒ යටතේ යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘති 1559ක්, ජීවනෝපාය සංවර්ධන ව්‍යාපෘති 1937ක් , සමාජ සුභසාධන ව්‍යාපෘති 280ක් හා පරිසර හා තිරසර සංවර්ධන ව්‍යාපෘති 35ක් වශයෙන් ව්‍යාපෘති ක්‍රියාත්මක වේ.ඒ අනුව දිස්ත්‍රික්කයේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 11 ම ආවරණය වන පරිදි පළමු කාර්තුවට රුපියල් මිලියන 760 බැගින් ප්‍රතිපාදන වී ඇත. මෙම ව්‍යාපෘති සඳහා වෙන් වි ඇති මුදල රුපියල් මිලියන 3825කි.
දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධාරී වසම් 573 තුලම මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන අතර ඒ සඳහා ග්‍රාම නිලධාරි වසමකට මිලියන 03 බැගින් ද, පළාත් පාලන නියෝජිතයින් සඳහා මිලියන 04 බැගින් ද, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සඳහා මිලියන 100 ක් හා විමධ්‍යගත අය වැය වැඩසටහන යටතේ පාර්ලිම්න්තු මන්ත්‍රීවරයෙක්ට රුපියල් මිලියන 150 බැගින් ද, හිටපු පළාත් සභ මන්ත්රිවරයෙකුට රුපියල් මිලියන 20 බැගින් ද ප්‍රතිපාදන වෙන්ව ඇත.
මෙම සියලු ව්‍යාපෘති දේශපාලන අධිකාරීත්වයේ සහභාගීත්වයෙන් දිස්ත්‍රික් ලේකම්/දිසාපතිතුමාගේ අධීක්ෂණය යටතේ සියලුම ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ මෙහෙයවීමෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සැලසුම් අංශය හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සැලසුම් අංශ මඟින් ක්‍රියාත්මක කෙරෙනු ඇත.















