2016 අංක 12 දරණ තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ පනත ක්‍රියාකාරීත්වය තහවුරු කිරීම සඳහා කෑගල්ල දිස්ත්‍රික්කයේ සිටින රාජ්‍ය ආයතනවල තොරතුරු නිලධාරීන් සඳහා වන පුහුණුවක් ජනමාධ්‍ය අමාත්‍යාංශය සංවිධානයෙන් කෑගල්ල දිස්ත්‍රික් දිසාපති /දිස්ත්‍රික් ලේකම් මහින්ද එස් වීරසූරිය මහතාගේ සහභාගීත්වයෙන් ඊයේ (18) පෙරවරුවේ දී කෑගල්ල සණස කැම්පස් ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි .
තොරතුරු අයිතිය හැඳින්වීම ,තොරතුරු ලබාදීමේ ක්‍රියාවලිය, තොරතුරු අයිතිවාසිකම් පනත යටතේ රාජ්‍ය ආයතනවලට පැවරෙන වගකීම ඇතුළු කරුණු රැසක් පිළිබඳ මෙහිදී නිලධාරීන්ට අවශ්‍ය පුහුණුව ලබාදීම සිදුකෙරිණි.
එම අවස්ථාවට අතිරේක දිස්ත්‍රික් ලේකම් චරිතා ඉලංගකෝන් මහත්මිය ඇතුළු නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.



















