මාර්තු මස 08 වන දිනට යෙදෙන ජාත්‍යන්තර කාන්තා දිනය අරමුණු කර ගනිමින් දිරිය ව්‍යවසාය කාන්තාවන් ජාතික මට්ටමට ගෙන ඒමට දිස්ත්‍රික් ම්ට්ටමින් හොඳම ව්‍යවසායිකාව තෝරා ගැනීමේ සම්මුඛ පරීක්ෂණයක් අද (22) වන දින දිස්ත්‍රික් ලේකම් කාර්යාලියේ දි පැවැත්විණි.
ඒ අනුව කෑගල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 11 තුල සම්මුඛ පරික්ෂණ ඔස්සේ තෝරා ගත් හොඳම ව්‍යවසායකාවන් මෙම සම්මුඛ පරික්ෂණය සඳහා සහභාගී වන අතර එළඹෙන ජාතික කාන්තා දින සැමරුම සඳහා කෑගල්ල දිස්ත්‍රික්කයේ හොඳම ව්‍යවසායිකාව ඉදිරිපත් කිරිමට නියමිත ය.
කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශයේ සංකල්පයක් පරිදි දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ කාන්තා හා ළමා අංශය මෙම වැඩසටහන සංවිධානය කර තිබුණි.
මෙම පරික්ෂණයේ දී ව්‍යවසායිකාවන් දිරි ගැන්වීම, වෙළඳ පොළ අවස්ථා හඳුන්වා දීම මෙන්ම ව්‍යවසායිකාවන්ට ව්‍යවසායකත්ව උපදේශන ලබා දිම ද සිදු කෙරිණි.




















