ජාතීන් අතර සාමය, සංහිඳියාව, සුහදතාවය වර්ධනය කර ගැනිම සඳහා භාෂාව ඉවහල් කර ගත හැකි බව කෑගල්ල දිසාපති/දිස්ත්රික් ලේකම් මහින්ද එස් වීරසූරිය මහතා පැවසිය.
දිසාපතිවරයා මේ බව සඳහන් කළේ රාජ්ය භාෂා දෙපාර්තමේන්තුව මඟින් රාජය නිලධාරීන් සඳහා පවත්වන දෙමළ භාෂා පාඨමාලාවන් අතර ජේෂ්ඨ මට්ටමේ පැය 200 පාඨමාලාව සම්පූර්ණ කළ නිලධාරින්ට සහතිකපත්ර පිරිනැමිම අද (28 ) වන දින පස්වරුවේ දී දිස්ත්රික් ලේකම් කාර්යාල ශ්රවනාගාරයේ පැවති අවස්ථාවට එක් වෙමිනි.
තවදුරටත් එහි දි දිසාපතිවරයා සඳහන් කළේ කාර්යක්ෂම රාජය සේවයක් ජනතාව වෙනුවෙන් ලබා දීම සඳහා මෙම භාෂා ප්රවීණතාවය හේතු පාදක කර ගැනිමට නිලධාරීන් උත්සුක විය යුතු බව යි.
එම භාෂා ප්රවීණතා පාඨමාලාවේ උපදේශකවරයා ලෙස කටයුතු කරන ලද්දේ ඒ.සී.එම් නවුසාඩ් මහතා විසින් වන අතර පාඨමාලාව සම්බන්ධීකරණය කරන ලද්දේ දිස්ත්රික් ජාතික ඒකාබද්ධතා ප්රවර්ධන සහකාර නිලධාරී ඉන්දිකා විරවර්ධන මහත්මිය විසිනි.
එම අවස්ථාවට අතිරේක දිස්ත්රික් ලේකම් ( ඉඩම් හා සංවර්ධන) දිනිෂා එස් රත්නායක ,පරිපාලන නිලධාරිනී යාමිනි රත්නායක යන මහත්මීන් හා සහතිකලාභින් එක්ව සිටිය හ.

























